fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරොච්චෝලේ අක්‍රිය ජනන යන්ත්‍රය ලබන සතියේ සිට වැඩ

    නොරොච්චෝලේ අක්‍රිය ජනන යන්ත්‍රය ලබන සතියේ සිට වැඩ

    නොරොච්චෝලේ බලාගාරයේ පසුගියදා කාර්මික දෝෂයකට ලක්ව අක්‍රිය වූ විදුලි ජනන යන්ත්‍රය ලබන සඳුදා (29) සිට යළි ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    විදුලිබල මණ්ඩලය පවසන්නේ එහි ජනන යන්ත්‍රයක නලයක් පුපුරා ගොස් ඇති අතර එය අලුත්වැඩියා කරමින් පවතින බවයි.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තවත් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුත්තක් හේතුවෙන් දැනටමත් ක්‍රියා විරහිත වී ඇත.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ජනන යන්ත්‍ර තුනකින් සමන්විත ය.

    එකකින් මෙගාවොට් 300ක් ජනනය වන අතර එමඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක් ලැබේ.

    නිපදවන ලද විදුලියෙන් කොටසක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙහෙයුම් සඳහා යොදා ගනී.

    එබැවින් එක් ජනන යන්ත්‍රයකින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි වූයේ මෙගාවොට් 270ක විදුලි බලයක් පමණි.

    පසුගියදා එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වූ අතර තවත් ජනන යන්ත්‍රයක් අත්‍යවශ්‍ය නඩත්තුව සඳහා ඒ වන විටත් නවතා තිබුණි.

    එබැවින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 540ක හිඟයක් ඇතිවීම නිස පැයක් ලෙස පැවති විදුලි කප්පාදු කාලය පැය තුනක් දක්වා ඉහළ ගියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.