fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට

    දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (27) වාර්තා විය. ඒ ආසදිතයින් 997 ක් ලෙසිණි.

    මෙයට පෙර මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 976 ලෙසිණි. ඉකුත් පෙබරවාරි 09 වෙනිදා එම ආසාදිතයින් ගණන වාර්තා විය.

    මෙරටින් ඊයේ (27) වන විට කොවිඩ් 19 ආසාදිතයින් 102,376 හදුනාගෙන තිබුණි. ඒ අයගෙන් 94,577 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝහල්වල ඊයේ (27) වන විට ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් ගණන 7152 දෙදෙනෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.