තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලියෙක් නාවන ඇළකට දරුවෙක් විසිකළ ග්‍රාමනිලධාරියාට වැඩ වරදී

    අලියෙක් නාවන ඇළකට දරුවෙක් විසිකළ ග්‍රාමනිලධාරියාට වැඩ වරදී

    පොල්ගහවෙල නාරංගහමුල වත්තේ කුඩා ඔයේ අලියෙක් නාවමින් සිටින අයුරු පාලමක් මත සිට බලා සිටි අවුරුදු 08ක් වයසැති දරුවෙක් ඔසවා පාලමෙන් ඔයට විසිකල බීමත් ග්‍රාමසේවකයෙකුව පොල්ගහවෙල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී අලියාගේ දම්වැල්වල වැදී දරුවාට තුවාල සිදුව ඇත.

    එම අලියා වෙලගෙදර වලව්වට අයත් බවත් දරුවාගේ පියා ඇත්ගොව්වා ලෙස කටයුතු කරන බවත් පොලීසිය කියයි.

    54 වියැති ග්‍රාම නිලධාරියාව අද පොල්ගහවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    photo – File Photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img