තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ළඟ ළඟ සිදුවූ වෙඩි තැබීම්වලට වගකිවයුතු පාතාලේ හරක් කටා ඩුබායිහිදී අත්අඩංගුවට

    ළඟ ළඟ සිදුවූ වෙඩි තැබීම්වලට වගකිවයුතු පාතාලේ හරක් කටා ඩුබායිහිදී අත්අඩංගුවට

    දිගින් දිගටම පසුගිය දිනවල මෙරට සිදු වූ පාතාලයේ වෙඩි තැබීම්වලට වගකිවයුතු හරක් කටා නමැති පාතාල අපරාධකරුව ඩුබායි ගුවන් තොටුපලේදි අද සවස එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, ජාත්‍යන්තර පොලිසිය සමග කළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

    හරක් කටා සිය බිරිඳ සහ තවත් කිහිප දෙනෙකු සමඟ ඩුබායි සිට මලයාසියාවට යාමට ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී අවස්ථාවේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඔහු මියගිය පුද්ගලයෙකුගේ නමින් සකස් කරන ලද විදෙස් ගමන් බලපත්‍රයක් යොදාගෙන මෙසේ රටවල් අතර සංචාරය කරමින් ඩුබායිහි ඩුබායිහි රැඳී සිට ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    එම විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය මගින් ඔහුට රතු වරෙන්තුවක් පවා නිකුත් කර තිබේ ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img