fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාභයට තායිලන්තයට එන්න දෙන්නැයි ඉල්ලුවේ කවුද?- තායි රජය හෙළිකරයි

    ගෝඨාභයට තායිලන්තයට එන්න දෙන්නැයි ඉල්ලුවේ කවුද?- තායි රජය හෙළිකරයි

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ තාවකාලිකව සංචාරය කිරීමට අපේක්ෂා කරන බවට තායිලන්ත රජය තහවුරු කර තිබේ.

    කෙසේවෙතත් ගෝඨාභය රාපක්ෂ මහතා එරට දේශපාලන රැකවරණ ලබා ගැනීමට අදහස් නොකරන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ටැනී සන්ග්‍රාත් අද බදාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    තායිලන්ත රජයේ ප්‍රකාශකයා උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් පවසන්නේ ගෝඨාභය රාපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළුවීමට වත්මන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇති අතර, ඔහුට දින 90ක කාලයක් සඳහා වීසා බලපත්‍රයක් නොමැතිව තායිලන්තයට ඇතුළු වීමට අවසර ඇති බව ද ඔහු පවසා තිබේ.

    කෙසේවෙතත් රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන දිනය පිළිබඳව අමාත්‍යාංශයට කිසිදු තොරතුරක් නොමැති බවද තායිලන්ත රජයේ ප්‍රකාශකයා පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.