තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනිස්සුන්ට කවන්න හැදූ කුණු මාළු ටොන් 35ක් අල්ලයි

    මිනිස්සුන්ට කවන්න හැදූ කුණු මාළු ටොන් 35ක් අල්ලයි

    විනාශ කිරීමට තිබුණු මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 35100ක් සීදූවේ සහ මීගමුවේ ස්ථාන දෙකකින් සොයා ගැනීමට කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව කළ වැටලීමකදී අද සමත් විය.

    එක් ස්ථානයක් වැටලෙන්නේ සීදූවේය. මාළු තොග රැගෙන විත් ශීතාගාරවල තබාගෙන එම ස්ථානයෙන් එම මාළු සුපිරි වෙළද සැල්, හෝටල් සහ අවන්හල්වලට තොග වශයෙන් බෙදා හරින එම ස්ථානයේ තිබී කුණු මාළු කිලෝ 5400ක් හමුවී ඇත.

    එම ස්ථානයට එම කුණු මාළු රැගෙන පැමිණි තැන ගැන කරුණු අනාවරණය කරගත් පොලිසියත් මහජන සෞඛ්‍ය නිලධාරිනුත් මීගමුවේ බසියාවත්තේ ස්ථානයක එළිමහනේ තිබුණු බහලුම් ශීතාගාර ගබඩා 04ක් පරීක්ෂාකර තිබේ. එම ගබඩා දෙකේද මාළු කිලෝ 29700ක් තිබී සොයාගෙන ඇත. ඒවාද මිනිස් පාරිභෝජනයට නුසුදුසු කුණු මාළු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තහවුරුකර ඇත. ඒ අනුව එම ගබඩාව 04 ට මුද්‍රා තබා තිදෙනෙක් මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මාළු තොගය අතර තිබී ඇත්තේ බලයා සහ කෙලවල්ලා යන මාළු වර්ගයන්ය. ඒවා ශිතාගාර ගබඩාවේ මාස 04කට වැඩි කාලයක් තීබී ඇති බවද විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img