තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් හසුවූ 46 ක් නැවෙන් ගෙනෙයි

    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් හසුවූ 46 ක් නැවෙන් ගෙනෙයි

    මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවක නැගී නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සහ ගැනීමේදී එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ශ්‍රී ලංකිකයින් 46 දෙනෙක් ඕස්ට්‍රේලියානු නෞකාවකින් මෙරටට අද රැගෙනවිත් ආවේය.

    එම පිරිස මෙරටට රැගෙනවිත් ඇත්තේ ඕස්ට්‍රේලියානු වෙරළ ආරක්ෂක බලකායේ නෞකාවකිනි.

    කොළඹ වරායේ නැංගුරම් ලෑ එම නෞකාවෙන් රැගෙන පැමිණි ශ්‍රී ලංකිකයන් 46 දෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස අත්අඩංගුවට ගත්තේය.

    ඔවුන් උතුරු නැගෙනහිර පළාත්වල පදිංචිකරුවන්ය. ඉකුත් ජුනි 16 වෙනිදා ඔවුන් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රකාර ඇත්තේ වාලච්චේනෙන් බව ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී තිබේ.

    අනවසර සංක්‍රමණිකයින් පිරිසක් මෙසේ නෞකාවකින් රැගෙන පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.

    මෙම වසරේදී මෙතෙක් ගෙවී ගිය කාලය තුළ පමණක් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළු වීමට ගොස් එරටදී අත්අඩංගුවට ගැණනු ශ්‍රී ලංකිකයින් 137 දෙනෙක් මේ වන විට පිටුවහල්කර තිබේ. ඒ අය ගුවන් යානා 05කින් මෙරටට විටෙන් විට රැගෙන විත් තිබුණි.

    එසේම නීති විරෝධිව ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම් වූ 865 දෙනෙක් මෙරටදී නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් මෙම වසර තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img