fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි මාසවල බ්‍රිතාන්‍යටත් ගැඹුරු හෙළක් තරණය කරන්න වෙයි

    ඉදිරි මාසවල බ්‍රිතාන්‍යටත් ගැඹුරු හෙළක් තරණය කරන්න වෙයි

    මෙම වසරේ අවසාන මාස තුනක කාලයේදී එක්සත් රාජධානිය හට ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය මධ්‍යම බැංකුව අනාවරණය කළේය.

    බ්‍රිතාන්‍යයේ මේවන විට පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (04) එරට මධ්‍ය බැංකුව විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කරනු ලැබීය.

    ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිව්වන කාර්තුවේ උද්ධමනය සියයට 13ක් ඉක්මවා වර්ධනය විය හැකි බවත් එහි බලපෑම 2023 වර්ෂයේ වැඩි කාලයකටත් බලපානු ඇති බවද මධ්‍යම බැංකු බලධාරීහු පෙන්වා දුන්හ.

    මෙහිදී මධ්‍යම බැංකු බලධාරීන් පවසා ඇත්තේ පසුගිය වසර 42ක කාලයේදී වාර්තා වූ ඉහළතම උද්ධමනය ඉදිරි මාසවලදී වාර්තා වීමට හැකි බවත්ය. එමෙනම් මෙහිදී බ්‍රිතාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍යතම සාධකයක් වන ගෑස් මිල දෙගුණයක් වනු ඇති බවට උපකල්පනය කරනු ලබන බවද ඔවුන් පැවසීය.

    ඒ අනුව බ්‍රිතාන්‍යයේ බලශක්ති මිල ගණන් ඉහළ යාම එරට කාර්තු පහක කාලයක් පුරාවට ආර්ථික අවපාතයක් නිර්මාණය කිරීමට ඉඩ පවතින බවද 2023 වර්ෂයේ සෑම කාර්තුවකම දළ දේශීය නිෂ්පාදිතය පහළයෑමට හැකියාවක් පවතින බවද ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබීය.
    බ්‍රිතාන්‍යයේ ආර්ථික අර්බුදයට මුලික හේතුවක්ව ඇත්තේ එරට ඉන්ධන මිල ඉහළයාම වන අතර ඊට රුසියානු යුක්‍රේන යුද ගැටුම් ප්‍රධාන හේතුවක්ව ඇත.

    කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීමට බ්‍රිතාන්‍ය මධ්‍යම බැංකුව විසින් සිය පොලී අනුපාතයන්ද විශාල වශයෙන් ඉහළ දෑමූ අතර වසර 27ක කාලයක් තුල පොලී අනුපාතවල වැඩිම ඉහළ යාමද මෙය වේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.