තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස් අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

    ගෝල්ෆේස් අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

    නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වෙනිදා තෙක් ගාලුමව දොර අරගල භූමියේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වලකින බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    ගාලුමුව දොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් අද පස්වනරු 5.00ට පෙර ඉවත්කර ගන්නා ලෙස පොලීසිය විසින් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් කැදවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙනු ලැබුවේ ණීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතාය.

    ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කඩිනමින් උපදෙස් ලබාදෙන බව ද අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

    අදාල කාල සීමාව තුළ එහි ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මූලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තර කරුවන්ට බාධාවක් නොමැති බවද අධිකරණය මෙහිදී ප්‍රකාශ කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img