fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතියේ ඉස්කෝලේ පැවැත්වෙන්නේ මෙහෙමයි

    ලබන සතියේ ඉස්කෝලේ පැවැත්වෙන්නේ මෙහෙමයි

    ලබන සතියෙ සඳුදා, අඟහරුවාදා, බදාදා යන දින තුන පමණක් පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ලබන බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් බැවින් බදාදා දින පාසල් පැවැත්වීමට තීරණය කළ බව ද එම අමාත්‍යාංශය සදහන් කරයි.

    සිකුරාදා දින සිසු සිසුවියන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් හෝ නිවෙස් පාදක ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව සැලසිය යුතු බව ද අධ්‍යාපන අමාතංශය කියයි.

    ප්‍රවාහන අපහසුතා නොමැති ප්‍රදේශවල පාසල් ප්‍රධානීන්ගේ එකඟතාවය මත අවශ්‍ය නම් සිකුරාදා දිනයේදී පාසල් පැවැත්විය හැකි බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.