තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්කිපොක්ස් නිසා අමෙරිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කරයි

    මන්කිපොක්ස් නිසා අමෙරිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශ කරයි

    මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛසරයේ සම්බන්ධයෙන් ඇමරිකාව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    එරට කැලිෆෝනියා, නිව්යොර්ක් සහ ඉලනෙයිස් ප්‍රාන්තවල වැඩි වශයෙන් වදුරු උණ වෛරසය ව්‍යාප්ත වී ඇති අතර එහි සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මෙම හදිසි සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇත.

    මේ වනවිට ඇමරිකාවෙන් වෛරසය ආසාදනය වුවන් 7101 හදුනාගෙන ඇත.

    ලොව පුරා මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛසරය වැළදුණු පුද්ගලයින් ගණන 26,864 කි.

    මෙම තීරණය වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා එන්නත්, ප්‍රතිකාර සහ ප්‍රාන්තවලට ඖෂධ සහ ආධාර බෙදා හැරීම වේගවත් කරනු ඇත.

    මෙම නිවේදනය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ලොව පුරා රෝගීන් වැඩිවීමෙන් පසුව එහි ඉහළම හදිසි අනතුරු ඇඟවීම නිකුත් කිරීමෙන් දෙසතියකටත් අඩු කාලයකට පසුවයි.

    එය සම්පූර්ණයෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) නොවන අතර, ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන්ද සම්ප්‍රේෂණය විය හැක.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img