fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවෙන් තවත් හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට

    ඇමරිකාවෙන් තවත් හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට

    අමෙරිකානුු ඩොලර් 6,689,985 ක් (රු. 2,475,294,450) වටිනා ඖෂධ සහ වෛද්‍ය ආධාර, ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිළිගත් ගෝලීය මානුෂීය ආයතනයක් වන හාර්ට් ටු හාර්ට් අන්තර්ජාතික සංවිධානය (Heart to Heart International ) විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර තිබේ.

    වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානය ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානවලින් ශ්‍රී ලංකාවට ඇවැසි අත්‍යාවශ්‍ය වෛද්‍ය ආධාර ලබාගැනීමේ ඒකාබද්ධ ප්‍රයත්නය තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

    අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් මෙම වෛද්‍ය ආධාර තොගයේ අඩංගු හදිසි වෛද්‍ය සැපයුම් ගුවනින් එවනු ලබන අතර ඉතිරිය නැව්ගත කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකාවට පළමු වෛද්‍ය ආධාර තොගය සැපයූ පරිදිම මෙවරද හාර්ට් ටු හාර්ට් ආයතනය විසින් මෙහි සියලු වියදම් දරනු ලබන අතර, මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත කඩිනමින් බෙදාහැරීමට නියමිතය.

    ඇමරිකාවේ ලෙනෙක්සා මූලස්ථානය කොටගත් හාට් ටු හාර්ට් අන්තර්ජාතික සංවිධානය, ගෝලීය සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කරගත් මානුෂීය කටයුතු වෙනුවෙන් වර්ෂ 1992 සිට කටයුතු කරන ආයතනයක් වන අතර මේ වන විට ඇ.ඩො. බිලියන 2.4ක වෛද්‍ය ආධාර රටවල් 130කට අධික සංඛ්‍යාවක් වෙත සපයා ඇත.

    මේ වන විට හාර්ට් ටු හාර්ට් සංවිධානය විසින්, මීට පෙර පරිත්‍යාග කරනු ලැබූ ඇ.ඩො. 908,547ක් (රු. 326,077,518.30 ) වටිනා ප්‍රථම වෛද්‍ය සැපයුම් තොගයට අමතරව මෙවර නොමිලේ සපයනු ලබන ඇ.ඩො. 6,689.985ක් (රුපියල් බිලියන දෙකහමාරක් පමණ) වටිනා වෛද්‍ය සැපයුම් තොගයත් සමඟ ඇ. ඩො. 7,598,532ක් (රුපියල් බිලියන 2.8 පමණ) වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් ලබාදී ඇත.

    වොෂිංටන් තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛද්‍ය සැපයුම් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා බෙදාහැරීමට කටයුතු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.