fbpx
තවත්
    මුල් පිටුවCOVIDආයෙත් කොවිඩ් රැල්ලක්!

    ආයෙත් කොවිඩ් රැල්ලක්!

    මේ වන විට කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

    දිනකට කොවිඩ් රෝගීන් 100ත් 150 ත් අතර ප්‍රමාණයක් හමවුවද සැබෑ රෝගීන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    කොවිඩ් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් හමුවන ප්‍රමාණය අඩු වන බවද එය සැබෑ තත්ත්වයක් නොවන බවද එම සංගමය සඳහන් කරයි.

    විශේෂයෙන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ නොකර සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එමනිසා කොව්ඩ්-19 එන්නත්කරණය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය මාත්‍රා සියල්ල ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.