fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික රූපවාහිනියට කඩාවැදී තර්ජනයෙන් සජීවි විකාශයට ගිය අරගලයේ අයකු අත්අඩංගුවට

    ජාතික රූපවාහිනියට කඩාවැදී තර්ජනයෙන් සජීවි විකාශයට ගිය අරගලයේ අයකු අත්අඩංගුවට

    ජාතික රූපවාහිනියට කඩාවැදීඑහි කාර්ය මණ්ඩලයට තර්ජනය කොට සජීවී රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වූ අරගලයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සවස කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ඩුබායි බලා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට නැගී සිටිය දී රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    ජාතික රූපවාහිනියට මොහු ඇතුළු පිරිසක් කඩා වැදීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ ඊයේ දිනයේදීය.

    එම කරුණු වාර්තා කිරීම්වලදී අධිකරණයට කුරුඳුවත්ත පොලීසිය සඳහන් කර තිබුණේ රූපවාහිනී සංස්ථාවට කඩා වැදුණු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි.

    එසේ තිබියදී ඔහු අද හොර රහසේ රටින් පිටව යාමට සූදානම් වී ඇත.

    මෙම පුද්ගලයා රොෂාන් අලි ඩානිස් අලි නැමැති මැල්වත්ත ඉලුකේවෙල වෑඋඩ පදිංචිකරුවෙකි.

    පුද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවකු වශයෙන් සේවය කර ඇති ඔහු අවසන්වරට පදිංචිව සිට ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ බිරිඳගේ නිවසේ ය.

    මොහුගේ පියා මුලින් දෙමළ ජාතික පුද්ගලයෙකු වන අතර 1980 වසරේදී විවාහ වීමෙන් පසු ඉස්ලාම් ආගමට බැඳී තිබේ.

    මීට වසර හතරකට පමණ පෙර රොෂාන් අලි ඩානිස් අලි නැමැත්තා ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කර ඇත.

    සම්ප්‍රදායික මුස්ලිම්වරු නොවන මෙම පුද්ගලයන් සම්බන්ධව සම්ප්‍රදායික මුස්ලිම්වරුන් දැඩි අප්‍රසාදයක් පළ කර ඇතැයි පොලිසිය පවසයි.

    මුල් කාලීනව එක්සත් ජාතික පක්ෂය හා පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධව ද මොහු කටයුතු කර ඇති බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.