අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලු පාර අයිනේ පවත්වාගෙන ගිය නෝ ඩීල් ගම ඉවත්කර ගැනීමට අරගලකරුවන් අද තිරණය කළේය.
තම ජීවිතවලට ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයන් පිළිබඳව මැදිහත්වන ලෙසට දන්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයට ගොස් ලිපිය භාරදීමෙන් අනතුරුව අරගලකරුවන් මෙම පියවර ගත්තේය.
නෝ ඩීල් ගම ක්‍රියාත්මක වන්නේ පසුගිය මැයි 13 වෙනිදා සිටය. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුවය. ඊට පෙර එම ස්ථානයේ පැවතියේ මයිනා ගෝ ගම නම් වූ විරෝධතාවයකි.