fbpx
තවත්
    මුල් පිටුවspecialආර්ථික ප්‍රශ්න ජාතික ආරක්ෂාවේ කඩාවැටීමක්

    ආර්ථික ප්‍රශ්න ජාතික ආරක්ෂාවේ කඩාවැටීමක්

    සටහන- නිමල් ලෙව්කේ
    ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)
    විශේෂ කාර්ය බළකායේ හිටපු සේනාවිධායක

    රටක ජාතික ආරක්ෂාව සහ එය ස්ථාපිත කරන විට පිළිපැදිය යුතු ප්‍රධාන කාරණා ගණනාවක් ඇත. ඕනෑම රටක තම රටට එල්ලවන අභ්‍යන්තර හෝ විදේශ තර්ජනයකදී එය පාලනය කිරීමට නිසි බලය පාවිච්චි කල හැකිය. නමුත් එය එක්සත් ජාතීන්ගේ UNO සම්මුතියට අනුව එම නීතින්වලට යටත්ව ගන්නා ක්‍රියාමාර්ග සාධාරණය කිරීමට හැකිවන පරිදි පාලනයකට යටත්ව අනුගමනය කිරිම ඉතා වැදගත් කරුණකි.

    ජාතික ආරක්ෂාව සැමවිටම ජාතින්ගේ සමගිය තහවුරු වන පරිදි ක්‍රියාත්මක වීම එහි ප්‍රධානතම සාධකයක් වනු ඇත. තවද රටේ ආර්ථිකය, සෞඛ්‍ය, ආහාර ,පරිසරය ,සංස්කෘතිය, ජාත්‍යන්තර සබදතා ශක්තිමත් ලෙස ස්ථාපිත කරන රටක ඉතා වැදගත් අත්‍යාවශ්‍යම යාන්ත්‍රණය වනුයේ රටක ජාතික ආරක්ෂා සැලසුමයි. එම නිසා ජාතික ආරක්ෂාව යනු රටක හමුදාව පොලිසියට පමණක් සීමාවූ කාර්යයක් නොවන අතර, එය ඉතා පුළුල් වගකීමක් /කාර්යයක් බව වටහා ගත යුතු අතර එය හැසිරවීමේදී එහි මුලධර්මය පිළිබදව මනා අවබෝධයකින් ක්‍රියා කල යුතු අති විශිෂ්ඨ වූ ජාතික වගකීමක් ලෙස හැදින්විය යුතුය. තවද රටේ ඉදිරි ගමනට සෘජුවම බලපාන වැදගත්ම සාධකයක් වන බැවින් සෑම අංශයක්ම ආවරණය වන පරිදි දක්ෂ සහ නිපුණ පුහුණුවලත් නිලධාරින්ගෙන් සමන්විත බුද්ධි ඒකක සෑම අංශයන් නියෝජනය වන පරිදි ස්ථාපිත කොට ඔවුන්ගෙන් ලබාගන්නා බුද්ධි තොරතුරු ප්‍රධාන බුද්ධි ඒකකය විසින් සන්පින්ඩනය කොට ප්‍රධාන ආරක්ෂක සැලසුමට ලබාදීම තුලින් භුමියේ තිබෙන තර්ජන සහ අභියෝගයන් හොදින් අවබෝධ කර ගත හැකිවනු අතර එය ආරක්ෂක සැලසුමේ ප්‍රධානතම අවියක් වනු ඇත.

    දැනට රටේ පවතින ඉතා දැවෙන ප්‍රශ්න හමුවේ මහජන ආරක්ෂාව සැපයීමේදී එක් එක් අංශයන්ට අයත් වගකිවයුතු නිලධාරින් එම අංශයන් හට ඇති අභියෝගයන් නිසි ලෙස හදුනාගත යුතුය. ඒවගේම එම අභියෝගයන් හමුවේ ගතයුතු නිසි ක්‍රියාමාර්ග තීරණය කොට සැලසුමකට ප්‍රතිපල ගෙනෙන ආකාරයට එය ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීම සදහා නිසි උපදෙස් සහ සියලු විස්තර සමාජ ගත කිරිමේදී ශක්තිමත් සන්නිවේදන ජාලයක් ස්ථාපිත කොට මහජනයා දැනුවත් කිරිමේන් එම සැලසුමේ කොටස්කරුවන් ලෙස මහජනයා ඒකරාශී කිරිමේදී සන්නිවේදන ක්‍රමය ප්‍රධානතම අවිය වනු ඇත.

    ජාතික ආරක්ෂාවේ විශේෂ අංගයක් ලෙස සන්නිවේදනය හැදින්වෙන්නේ මෙම කාර්යය තුලින් ප්‍රතිපල ලබා ගැනීමට ඉවහල්වන ප්‍රධාන සාධකයක් වන බැවින් ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට නම් මෙම මුලධර්මයන් නිසි ලෙස හදුනා ගෙන ප්‍රතිපල ගෙන දිය හැකි කැප වුන නිලධාරින්ගෙන් සමන්විත නිලධාරින් හට එම කාර්යය පැවරිය යුතු අතර එමගින් සාර්ථක ප්‍රතිපල ගෙනෙනු ඇත.

    රටක ජාතික ආරක්ෂක සැලසුම ඉතා විශාල වගකීමක් වන අතර එය රාජ්‍යයේ ශක්තිය උරගාබලන ප්‍රධානතම අංශයක් ලෙස හැදින්විය හැකිය.

    අද මෙරට ජාතික ආරක්ෂාව ඉතා අභියෝගාත්මක තත්වයකට මුහුණ දි ඇත. ආහාර, සෞඛ්‍යය (බෙහෙත්) සහ එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ඉතා සරල මහජන අවශ්‍යතාවයන් නිසා අද පෝලිම්වල සිටින අහිංසක මහජනයා මිය යාම් ජාතික ආරක්ෂාවේ ඉතා දුර්වල අංගයක් ලෙස හැදින්විය හැකිය. මෙය ඉතා මානුෂිය සහ අත්‍යවශ්‍ය මිනිසුන් ජිවත් කරවීමට ඉවහල්වන ජාතික ආරක්ෂාවේ කඩා වැටිමක් ලෙස සදහන් කල හැකි අතර බලධාරින් මෙම ඉතා වැදගත් අංශය පිළිබදව හොද අධ්‍යනයක් කොට අද අප රට මුහුණ දෙන මෙම දැවෙන ජාතික ආරක්ෂක ප්‍රශ්නයට සැලසුම් වහාම සකස් කිරීමට දැනුමක් ඇති නිලධාරින් හට එම කාර්යය පැවරීම ඉතා කාලෝචිත වනු ඇත.

    තවද ජනාධිපති හා ප්‍රභූවරුන් ආරක්ෂා කර ගැනිමද රටේ ප්‍රධානින්ගේ නිවාස, කාර්යාලවල ආරක්ෂාව විනාශවීම පිළිබද විශේෂ විමර්ශනයක් සිදුවිය යුතු අතර එයට බලපාන ලද දුර්වල ආරක්ෂක ක්‍රමවේදයන් හදුනාගෙන විශේෂිත දැනුම ඇති නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් එම සිද්ධින් විශ්ලේෂණය කොට මින් ඉදිරියේදි එවන් ක්‍රියාදාමයන් සිදුනොවන ලෙස වගබලා ගැනිමට නිසි ශක්තිමත් පියවරක් ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එය ජාතික ආරක්ෂාවේ ප්‍රධානම කරුණක් වනු ඇත.

    මෙම අභියෝගය කෙතරම් අවදානම් වුවත් ජාතික ආරක්ෂාවේ මුල ධර්මයන්ට අනුව රටේ ප්‍රධානම පුරවැසියන්ගේ ආරක්ෂාව,වගේම රටේ ඉතා වැදගත්ම මධ්‍යස්ථාන වන ජනාධිපති, අගමැති නිවස්, කාර්යාල සහ ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව මොනම හේතුවක් නිසාවත් තර්ජනයට භාජනය විය යුතු නැති අතර මෙම ස්ථාන පිළිබදව හොද වැටහිමක් ඇති නිලධාරියෙක් (භාරව සිටි ) ලෙස පොලිසිය හා හමුදාවන් හට නීතියෙන් පවරා ඈති බලය නිසි ලෙස සැලසුම් කර සහ මනාව දියත් කොට මෙම ස්ථාන සහ ප්‍රභූවරු ආරක්ෂා කර ගැනීම ශක්තිමත් ආරක්ෂක අංශයකට හැකියාව තිබිය යුතු අතර තවද එම සැලසුම ක්‍රියාත්මක කිරිමේදී සම්පුර්ණ වගකීම ආරක්ෂක ප්‍රධානින්ගේ දක්ෂතාවය විය යුතුය.
    එවන් අවස්ථාවක දී ප්‍රභූවරයා ඉතා අසරණ වන බැවින් තීරණ ගැනීම ආරක්ෂක ඒකකය සතු ප්‍රධානම කාර්යය භාරය වනු ඇත. එය එලෙස සිදු වුවාද, විමර්ශනයක් සහ අධ්‍යයනයක් කොට හදුනා ගන්නා කරුණු නැවත දිනකදි මෙවැනි කේදවාචකයක් සිදුවිමට ඉඩ නොතැබිය යුතු ඉතා වැදගත් කරුණක් වනු ඇත.

    මෙම සිද්ධි මෙරට සිදුවූ ආරක්ෂාවේ ඉතා භායානක සහ පහත්ම තත්වයක ක්‍රියාධාමයක් ලෙස ඉතිහාසගත වනු ඇත. මා මෙය පවසන්නේ ජනාධිපති, අගමැති නිවාස /කාර්යාල වල ආරක්ෂාව ඉතා අභියෝගාත්මක වකවානුවක භාරව සිටි නිලධාරියෙක් ලෙසය. එය කිසිම විටක සිදුවිය යුතු නැති භායානක අවාසනාවන්ත තත්වයක් ලෙස හැදින්විය හැකිය.

    මෙහිදී රටේ නීතියේ ආධිපතත්‍ය සහ ආරක්ෂක අංශවල ගෞරවය සම්පුර්ණයෙන්ම ඉතා බරපතල තර්ජනයකට භාජනය වූ අවස්ථාවක් ලෙස ඉතිහාස ගතවනු ඇත. මෙවන් සිදුවීම් මින් ඉදිරියේදී සිදුවිය යුතු නොවන අතර ජාතික ආරක්ෂාව වචනයේ පරිසමාර්තයෙන්ම ශක්තිමත් කිරීමට එම විශේෂ ඒකක වලට අයත් ආරක්ෂක අංශ නිලධාරින්ගේ පුර්ණ වගකීමක් වනු ඇත.

    නිමල් ලෙව්කේ
    ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)
    හිටපු අ.නි වි ක බ
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.