තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවසන් අංකෙට තෙල් ගන්න ගියාම සමහර ෂෙඩ්වල තෙල් නැතිලු

    අවසන් අංකෙට තෙල් ගන්න ගියාම සමහර ෂෙඩ්වල තෙල් නැතිලු

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම් වුවද ඇතැම් පිරවුම්හල් තෙල් නොමැති බව පවසන්නේ යැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

    ජූලි 21 වැනිදා සිට 25 වැනිදා දක්වා QR ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් නොකරෙන අතර ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ ලබා දී ඇති QR කේතය ක්‍රියාත්මක වන්නේ ජූලි 25 වැනිදායින් පසුවය.

    ඉන්ධන බෙදාහැරීම පසුගිය දිනවල සිදුවූ අතර අද සිට අංක ක්‍රමවේදයට ඉන්ධන ලබාගත හැකි බවට බලශක්ති අමාත්‍යවරයා පසුුගියදා ප්‍රකාශ කර තිබුණි. වාහන ඉන්ධන සැපයුම් සීමාවන් වන්නේ යතුරුපැදි: රු. 1500, ත්‍රිරෝද රථ: රු. 2000, වෙනත් වාහන: රු. 7000ක් ලෙසයි.

    කෙසේවෙතත් වාහන‍යේ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට කලින් ලබාදී තිබු දිනයන් පසුව වෙනස් වූ අතර ඇතැම් පිරවුම්හල් ඒ පිළිබඳ යාවත්කාලීන වී නොමැති බවටද NewsWave.lk වෙත වාර්තා විය.

    එබැවින් පැරණි දිනයන් පවසමින් ඉන්ධන පාරිභෝගිකයන් හරවා යවන බවටද වාර්තා විය.

    අමාත්‍යවරයා විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද වාහනයේ අවසන් අංකයට ලබාදී තිබෙන දින පිළිබඳ සටහන පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img