තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද ගණන් කිරීම ඇරඹේ - හරීන්, ඩිලාන්, විජිත නිරීක්ෂණයට

    ඡන්ද ගණන් කිරීම ඇරඹේ – හරීන්, ඩිලාන්, විජිත නිරීක්ෂණයට

    පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අවසන් වී තිබේ. මේ අනුව දැන් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වේ.

    මෙහිදී ඡන්ද අපේක්ෂකයන් තිදෙනාට හෝ ඔවුන් නම් කරනු ලබන මන්ත්‍රීවරයකුට ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය කිරීමට එම ස්ථානයට පැමිණ සිටීමට අවස්ථාව ලබාදී ඇත.

    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයායි.

    ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා නම් කරනු ලැබුවේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ය.

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නම් කරනු ලැබු විජිත හේරත් මන්ත්‍රීවරයා ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය කරනු ලබයි.

    මුල් වටයේදී වලංගු හා අවලංගු ලෙස ඡන්ද වෙන් කිරීම ආරම්භ වී ඇත.

    සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජී ජී පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් ඡන්දය දීමට පැමිණියේ නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img