fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ප්‍රශ්න මැද්දේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පැය 24 පුරා අඛණ්ඩව

    තෙල් ප්‍රශ්න මැද්දේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පැය 24 පුරා අඛණ්ඩව

    ඉන්ධන අර්බුදය හමුවේ පවා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් පවතී.

    වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කර්මාන්ත උද්‍යානය, සහ සමෝධාන කාර්යය උපාය, ආදී සියලුම අත්‍යවශ්‍ය මෙහෙයුම්, රට තුළ පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

    නැව්ගත කිරීම්, කාර්යෝපාය මෙහෙයුම් සහ අනෙකුත් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පැය 24 පුරාම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් සහතික කොට ඇත.

    මෑතකදී, හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි MV Bahri HOFUF බහුකාර්ය යාත්‍රාව, ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කළ වාහන තොගයක් රැගෙන මෙක්සිකෝවේ වේරා කෘස් වරාය බලා පිටත් විය. මෙවන් බහුකාර්ය යාත්‍රාවල විශේෂ අංගයක් වන්නේ, කන්ටේනර්, තොග භාණ්ඩ ඇතුළු විවිධ දේ ප්‍රවාහනය කිරීමට හැකි පරිදි නිර්මාණය කර තිබීමයි. බහුකාර්ය නෞකා සඳහා සේවා සැපයීමට සියලු පහසුකම් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සතුව ඇති අතර, මේ වසර මුලදී, දැනට හසුරුවා ඇති විශාලතම වාහන ප්‍රති නැව්ගත කිරීම, M.V. Glovis Champion නෞකාව හරහා වරාය විසින් සිදු කළ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

    වරාය සඳහා ඉතා ඵලදායී වූ 2022 වසර මුල් භාගය තුළ, ටොන් මිලියන 1.14 කට ආසන්න හැසිරවීමේ ධාරිතාවක් වාර්තා කිරීමට වරාය සමත් විය. ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගම සහ ඉන්සී සිමෙන්ති සමාගම වැනි ආයතන, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමඟ ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වයන් හේතුවෙන් රටේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක සිමෙන්ති නිෂ්පාදකයින්ගේ සැපයුම් දාම කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත.

    බහුකාර්ය වරායක් ලෙස වර්ධනය වෙමින් පවතින හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වර්තමානයේදී නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගයේ වාහන ප්‍රතිනැව්ගත කිරීමෙහි නියැලී සිටින අතර, ඉන්ධන තොග වශයෙන් සැපයීම, භාණ්ඩ තොග කොටස් කිරිම, බලශක්ති සේවා සහ සමුද්‍ර සේවා ආදී සේවාවන් ගණනාවක් පිරිනමයි. හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි ඊළඟ පියවර බහාලුම් හැසිරවීම වන අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විටත් සකස් වෙමින් පවතින බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.