fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනතුරු සංඥා නොතැකූ මෝටර් රථය දුම්රියේ ගැටේ

    අනතුරු සංඥා නොතැකූ මෝටර් රථය දුම්රියේ ගැටේ

    මඟුල් ගෙදරකට ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් අද උදෑසන ගාල්ල මාගල්ල අනුලාදේවි බාලකා විද්‍යාලය අසල අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් එහි ගමන්කරමින් සිටි දැරිවියක් මියගොස් පස් දෙනෙක් තුවාල ලබා ඇත.

    තුවාලකරුවන් අතර ගැබිණි මවක් ඇතුළු වැඩිහිටි පුද්ගලයින් සිව් දෙනෙක් සහ කුඩා දරුවෙක් සිටින බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරු ඇගයීමේ සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙම මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ බව අනතුරු ඇසින් දුටුවෝ පවසති.

    අනතුරු ඇගයීමේ සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී දුම්රිය හරස් මාර්ගයට මෙම මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම්වූ අවස්ථාවේදී “දාන්න එපා“ යැයි කියා තමන් කෑ ගැසූබවත් ඒ ගැන කිසි අවධානයක් නොමැතිව දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ මෝටර් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කළ බවත් අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්තානයේ සිටි තරුණයෙක් සඳහන් කළේය.

    මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයේ මැද නතර වූ බවත් දුම්රියේ වැදුණු මෝටර් රථය මීටර 10ක් 15ක් පමණ ඉදිරියට ඇදී ගිය බවත් එම තරුණයා සඳහන් කළේය.

    මෙම අනතුරින් මෝටර් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.