fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 21 වැනිදා සිට තෙල් දෙන්නේ පාස් එකට විතරමයි

    ලබන 21 වැනිදා සිට තෙල් දෙන්නේ පාස් එකට විතරමයි

    ලබන 21 වනදා සිට ඉන්ධන නිකුත් කෙරෙන්නේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව වාහන අංකයේ අවසන් අංකයට පමණක් බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන තොග මේ වනවිට ගොඩබාමින් පවතින බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව එම ඉන්ධන තොග හෙට(19) දිනයේ සිට දුම්රිය සහ ඉන්ධන බවුසර් රථ මගින් රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.

    මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක නෞකාවක් තත්ත්ව පරීක්ෂාවට භාජනය කරමින් ඇති බවද හෙට දිනයේ එම පෙට්‍රල් තොගය නිදහස් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

    ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා ජාතික ඉන්ධන කාඩ්පත පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේ මෙසේය.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.