තවත්
    මුල් පිටුවදේශීය පුවත්අධිවේගයෙන් ආ රථ පෙළ ගුවන් හමුදා කඳවුරු පරී ශ්‍රයට

    අධිවේගයෙන් ආ රථ පෙළ ගුවන් හමුදා කඳවුරු පරී ශ්‍රයට

    කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොල දෙසට සන්නද්ධ ආරක්ෂක භටයින් පිරිවරාගෙන පැමිණි වාහන පෙළ කටුනායක පිහිටි ගුවන් හමුදා කඳවුර භූමියට ඇතුල්වන අයුරු කටුනායක ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

    එම නිලධාරීන් සඳහන්කරනු ලබන්නේ වාහන 06ක් එසේ ගමන්කළ බවත් 04ක්ම ඩිපෙන්ඩර් වර්ගයේ රථ බවත්ය. එම ඩිපෙන්ඩර් වර්ගයේ රථවල අවි අමෝරාගත් හමුදා සාමාජිකයන් රැදී සිටි බවත් එම රථ වලට මැදිකරමින් ප්‍රභූවරයෙක් හෝ ඒ හා සමාන යම් පුද්ගලයෙක් ගමන් කළ රථ දෙකක් ගමන් කළ බවද ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහන් කළහ.

    එම රථ පෙළ එයාපෝට් හංදියෙන් හරහා ගුවන් හමුදා කඳවුර දෙසට ගමන් කර ඊට ඇතුළු වී බව වැඩිදුරටත් එම නිලධාරීන් සඳහන් කළේය.

    https://youtube.com/shorts/iuXyUU3iWjk?feature=share

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img