තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබේදී ජනපතිට 'gotagohome' විරෝධයක්

    මැතිසබේදී ජනපතිට ‘gotagohome’ විරෝධයක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැතිට එරෙහිව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විපක්ෂයේ විරෝධයක් මතුවීමත් සමඟ මැතිසබය විනාඩි 10කට කල් තැබිණි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳ ප්‍රකාශයක් කරන අතරවාරයේ විපක්ෂය ‘ගොටගොහෝම්’ කියමින් විරෝධතාව ආරම්භ කළේය.

    ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර විපක්ෂයේ විරෝධය දෙස ජනාධිපතිවරයා සිනහ මුහුණින් බලා සිටිනු දක්නට හැකිවිය.

    රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී  කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය දා වූ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි.

    කෙසේවෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අඛණ්ඩව සිය විරෝධතාව පැවැත්වීම පාර්ලිමේන්තුව කල්තැබීමට කතානායකවරයා තීරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img