තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුන් 37ක් සමඟ ලොරි තට්ටුව මහමඟ කඩා වැටේ

    සිසුන් 37ක් සමඟ ලොරි තට්ටුව මහමඟ කඩා වැටේ

    පාසල් සිසුන් 37 දෙනෙක් රැගත් ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් සිසුන් 13 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

    ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය.

    ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය නොවීමේ පසුබිමක දරුවන් මෙදින පාසල් ගොස් ඇත්තේ ලොරියක පිටුපස තට්ටුවේ නැගීය. කඩාවැටී ඇත්තේ එම ලොරි තට්ටුවය.

    තුවාල ලැබූ දරුවන් ගලෙන්බිදුණු වැව රෝහලට ඇතුලත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවන් තිදෙනෙක් අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img