තවත්
    මුල් පිටුවදේශීය පුවත්අරගලකරුවන් 07ක් රිමාණ්ඩ්

    අරගලකරුවන් 07ක් රිමාණ්ඩ්

    පොලිස් මූලස්ථානය ඉදිරිපිට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අරගලකරුවන් 07 දෙනෙක් ලබන 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මෙහේස්ත්‍රාත් අධිකරණය අද සවස නියෝග කළේය.

    වෙනසක තාරුණ්‍යයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් වන රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, රංගන ශිල්පී ජගත් මධුවර්ණ , ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, සමාජවාදී තරුණ සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි සහ , නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

    නීතීඥවරුන් මගින් ඔවුන් 07 දෙනා අද පෙරවරුවේ පෙළපාලියකින් පැමිණ කොටුව පොලිස් ස්ථානයට භාරවීමට සූදානම් විය. කොටුව පොලීසියේ නිලධාරීන් ඔවුන්ව භාර නොගැනීම හේතුවෙන් ඔවුන් මරදාන පොලිස් ස්ථානයට පැමිණියේය. එහිදී උසස් පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡාකර ඔවුන්ව මරදාල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

    මෙම මස 09 වෙනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැමිණ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපලවලට හානිකර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පිරිසයට චෝදනා එල්ලවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img