fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇෆ්ගන් භූ කම්පනයෙන් මියගිය ගණන 1000 දක්වා ඉහළට

    ඇෆ්ගන් භූ කම්පනයෙන් මියගිය ගණන 1000 දක්වා ඉහළට

    ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව එරට රටය නිවේදනය කරයි.

    රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වකින් යුක්ත වූ මෙම භූකම්පනයේ වැඩිම බලපෑම පාකිස්ථාන දේශ සීමාවට ආසන්න කොස්ට් නගරයට වැඩි වශයෙන් බලපා ඇත.

    එම නගරයේ නිවාස බහුතරයක් සුන්බුන් බවට පත්ව ඇති අතර ඊට යටවීමෙන් විශාල පිරිසක් මරණයට පත්ව ඇති බවද තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තාවේ.

    භූකම්බන්නය සිදුවන අවස්ථාවේදී බොහොදෙනෙක් නින්දේ පසුවීම මරණ සහ තුවාල ඉහළයාමට හේතුවී ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    වසර ගණනාවකට පසුව ඇෆ්ගනිස්ථානයට එල්ලවූ දරුණුතම භූකම්පනය මෙයයි. මෙම අවස්ථාවේදී ඇෆ්ගනිස්ථානයට කඩනමින් සහය ලබාදෙන ලෙස තලේබාන් රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.

    එහිදී තලේබාන් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මෙම අවස්ථාවේදී තම රට වැසියන්ට උපාකර කරන ලෙස කළ ඉල්ලීමට ජාත්‍යන්තර වශයෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතින බවද වාර්තාවේ.

    තුවාල කරුවන් සහ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ පවතින බවද වාර්තා වන අතර දැනටමත් දැඩි අර්බුදකාරි වාතාවරණයට සිටින ඇෆග්නිස්ථානයට මෙම භූකම්නයට විශාල අභියෝගයක් විය හැකි බවද විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.