fbpx
තවත්
    මුල් පිටුවspecialකළු මරණයේ ආරම්භය සොයාගනී

    කළු මරණයේ ආරම්භය සොයාගනී

    කළු මරණය නමින් යුරෝපය පරා පැතිර ගිය මහාමාරිය වසංගයේ මූලාරම්භය සහ එහි දින වකවානු නිසි ලෙස සනාථ කරගැනීමට විද්‍යාඥයින් හට හැකියාව ලැබී තිබේ.

    යර්සීනියා පෙස්ටිස් නම් කුඩා බැක්ටීරියාව වාහකයින් මීයන් සහා මැක්කන් බවට පත්ව තිබූ අතර එය වැළඳුනු බොහෝ දෙනෙකුට එකල ඉතාම අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට සිදුවිය.

    මෙම රෝගය අදාල බැක්ටීරියාව ආසාදනය වූ මීයන් මත සිටි මැක්කන් විශේෂයක් ප්‍රාථමික වාහකයා බවට පත්ව තිබිණි. මෙම බැක්ටීරියාව මැක්කට ආසදනය වුවත් ඉන් කිසිම හානියක් උන් හට ඇති නොවීය. කෙසේ වෙතත් මෙම මැක්කන් මීයන්ගේ ලේ උරාබීමේදී වෛරසය මීයන්ට ආසාදනය වීම සිදුවිය. පසුව මෙලෙස බැක්ටීරියාව ආසාදනය වූ මීයන් දින කිහිපයකට පසු මරණයට පත්විය.

    පසුව මෙම මැක්කන් සහ මීයන්ගෙන් මෙම බැක්ටීරියාව මිනිසුන්ටද වැළදීම සිදුවිය. මෙහිදී බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වී දින දෙකත් හතත් අතර කාලයේදී රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ විය. එම කාලය තුලදී ආසාදිත පුද්ගලයින් හට සිරුරෙ විවිධ ස්ථාන වල කුඩා බිබිලි හටගත් අතර පසුව ඒවා සැරව ගලන විශාල ගෙඩි දක්වා වර්ධනය විය.
    මෙම ගෙඩි පුපරායාමේ ඇතැමුන්ගේ සිරුරු වල දැඩි තුවාලද දැක ගැනීමට හැකිවූ අතර මෙලෙස තුවාල ඇති වූ පුද්ගලයින් දින කීපයකින් ලේ වමනය කිරීමෙන් පසු ඉතා වේදනාත්මක මරණයකට මුහුණ දෙනු ලැබීය. මේ ආකාරයෙන් මිනිසුන් මියයාම බියුනෝනික් මහාමාරිය ලෙස හැඳින්විය.
    මේ අතර බැක්ටීරයාව වැළඳුනු පිරිසට කැස්ස ඇතිවීමත් සමඟ අවට කෙළ බිඳිති විසිරීම මගින් අවට අනෙක් පිරිසටද වෛරසය ආසාදනය වීමේ අවාදනමක් නිර්මාණය වියි. මෙම පිරිසට ඉහතින් පැවසූ පිරිස මෙන් ශරීරයේ ගෙඩි හටගැනීමක් විශේෂයෙන් සිදුනෙවූ අතර ඔවුන්ට දැඩි කැස්සක් ඇතිවීමත් පසුව ලේ වමනය ඇතිවීමෙන් ඉතා වේදනාත්මක ලෙස මරණයට පත්විය.

    ඉහත තත්ත්ව දෙකටම වඩා දරුණුම අකාරයෙන් මහා මාරිය පැතිරයාමක්ද සිදුවිය. එහිදී බැක්ටීරියාව වැළඳුනු පිරිසගේ රුධිර පද්ධතියට බැක්ටීරියාව එකතු වීම මගින් ඇඟිලි සහ කකුල් කළු පැහැයට පත්වීම සිදුවිය. පසුව ඔවුන්ගේ ඇඟිලි සහ කකුල් පණපිටින්ම කුණු වීමට ලක්විය. මෙය ඉතා වේදනාතම්ක වූ අතර එය පාලනය කිරීමටද ක්‍රමයක් නොතිබිණි. ඒ අනුවන ඔවුන්ටද ඉතා වේදානාත්මකව සිය අවසන් සුසුම් හෙළීමට සිදුවිය.

    කෙසේ වෙතත් මෙම දරුණු රෝගයේ ආරම්භ සම්බන්ධයෙන් මෙතෙක් විවිධ මත පැවති අතර එහිදී එය චීනයේ සිට පැමිණ බවට මතයත් පැවතිනි. එහිදී වාර්තා වූ අන්දමට නෞකාවන් 12ක් චීනයේ සිට කළු මුහුද හරහා ඉතාලියේ සිසිලි වරයාට ඇතුල් වූ බවටයි සඳහන් වන්නේ.

    මෙම කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් පරියේෂණ කළ විද්‍යාඥයින් පිරිසකට එහි සත්‍ය කරුනු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව මෙම විද්‍යාඥයින් හට 14 වෙනි සියවසේ යුරොපා මහද්වීපයේ ජනගහනයෙන් අති බහුතරයක් අතුගා දැමීමට සමත් වූ මෙම බැක්ටීරයාවේ ආරම්භය නිෂ්චිතවම හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ.

    එහිදී බැක්ටීරියාවේ ආරම්භය සම්බන්ධයෙන් පළවූ මත කිහිපයක්ම අසත්‍ය බවට සහතික කිරීමටද හැකිව ඇත. මෙහිදී ස්කොට්ලන්තයේ සටර්ලින් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥයෙක් වන ෆිල් ස්ලැවින් විසින් මහමාරිය රෝගයේ ආරම්භය සම්බන්ධයේ ආරම්භය නිසි ලෙස හුවා දැක්වීමට සම්ත්ව තිබේ.

    එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මෙම බැක්ටීරියාවේ වර්ධනය මධ්‍යම ආසියාවෙන් ආරම්භ වී ඇති බවයි. ඒ අනුව වර්ෂ 1338ත් 1339ත් අතර කාලයේදී හදිසියේම මර්ණ වල ඉහළයාමක් වාර්තා වී ඇත. එලෙස මරණයට පත්වූවන්ගේ සිරුරු කොටස් පරීක්ෂා කරමින් සහ ඔවුන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂාවට ලක්කර ඇත.

    මෙම සිරුරු වර්ථමානයේ කිර්ගිස්ථානය පිහිටි ඉසික් කල් විල ආසන්නයෙන් හමුව ඇති අතර එහිදී සිදු කළ ඩී.එන්.ඒ පරීක්ෂා කිරීම් වලදී ඔවුන් හට යර්සීනියා පෙස්ටිස් බැක්ටීරියාවේ ජානමය කොටස් හමුවී තිබේ. මෙම සිරුරු සොයාගත් ස්ථානයනික් හී තිබූ හමුවූ සොහොන් ගල් වන වසංගයක් ලෙසට සටහන්ව ඇති බවටද හඳුනාගැනීමට හැකිව ඇත.

    අදාල නව අනාවරණය සම්බන්ධයෙන් ඉකුත් දා පලමු පර්යේෂණ ලිපියෙන් පර්යේෂකයනි විසින් ඉතා පැහැදිලිව මෙම බැක්ටීරියාව විසින් අතීතයේ ඉසික් කල් විල අසල අතීතයේ වෙළෙදාමේ නිතරවූවන් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ අයුරුත් එය පසුව යුරෝපය පුරා ඇතිවූ කළු මරණයේ ආරම්භ වූ ආකාරය අනාවරණය කර තිබේ.

    මෙම පර්යේෂණයට සම්බන්ධවූ මාරියා ස්පයිරස් විසින් පවසා ඇත්තේ තම කණ්ඩායමට මහමාරිය වසංගතයේ ආරම්භය නිසි ලෙස සහ එහ ආරම්භ දින වකවානු දිනය නිවැරිදිවම අනාවරණය කරගැනීමට හැකිවූ බවයි.

    මහමාරිය 1347 ඉතාලියේ සිසිලි වරයාට ඇතුළු වූ බවත් පසුව එය යුරෝපය පුරා පැතිරයාම සිදුවූ බවත් පරියේෂකයින් විසින් පෙන්වා දෙයි.

    ඒ අනුව මෙතෙක් විවිධ මත පැවති මහමාරිය වසංගතයේ සුලමුල මෙලෙස අනාවරණය වී ඇති අතර බොහොවිට කොරෝනා වෛරසයේ ආරම්භය මෙලෙසම අනාවරණය කරගැනීමට හැකිවෙනු ඇත.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to Bandula WickramasingheCancel reply