තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල් ෆේස් අරගලකරුවන්ට පහරදුන්නාට නාගරික මන්ත්‍රීවරයෙක් ඇතුළු 05ක් අල්ලයි

    ගෝල් ෆේස් අරගලකරුවන්ට පහරදුන්නාට නාගරික මන්ත්‍රීවරයෙක් ඇතුළු 05ක් අල්ලයි

    ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්දයෙන් මොරටුව නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු 05 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් පස් දෙනා අද දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    නාගරික මන්ත්‍රීවරයාට අමතරව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයාද, මොරටුව නගර සභාවේ ආරක්ෂක නියාමකවරයෙක්ද, මොරටුව නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙක්ද, මොරටුව නගර සභාවේ කම්කරුවෙක්ද සිටිති.

    මෙම සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img