fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා ඇතුළු 3ක් රිමාන්ඩ්

    හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා ඇතුළු 3ක් රිමාන්ඩ්

    ආරච්චිකට්ටුවේ පිහිටි ඉන්ධන පිරවුම් හලකදී පුද්ගලයෙකුට පහරදී පොලිස් නිලධාරියෙකුගේ නිල ඇදුම්න් අල්ලා කළහාකාරී ලෙස හැසිරීක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා ඇතුළු තිදෙනෙක් ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ ඔවුන් තිදෙනා පොලීසියට අද උදෑසන භාරවීමෙන් අනතුරුව හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම වත්මන් මන්ත්‍රීවරයෙක් වන ජගත් සමන්ත , සමීර මධුෂංක සහ ඒ.ඒ.ධම්මික නැමැති සැකකරුවන් තිදෙනා මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබීය. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන්නේ ජගත් සමන්ත මහතාය.

    මෑථකදීත් පහරදීමක් සම්බන්ධයෙන් පොලීස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත නිදහස ලබා මේ වන විට මාසයක කාලයක් නොමැති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.