fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මෛත්‍රීව සොයාගෙන චීන තානාපති පොළොන්නරුවේ ගෙදරටම යයි

    මෛත්‍රීව සොයාගෙන චීන තානාපති පොළොන්නරුවේ ගෙදරටම යයි

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා පොළොන්නරුවට ගොස් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ දිනය තුලදීය.

    ශ්‍රී ලංකාවට පුළුවන් තරම් චීනය උදව්කරන බව එහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට පවසා ඇති බව සඳහන්ය.

    මෙම හමුවේදී රටේ පවතින ආර්ථික තත්ත්වය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිකර ඇති අතර පවතින රජය වෙනස් ව නව රජයක් බලයට පත්වන තුරු රට ගොඩ ගැනීමට නොහැකි බව ද සඳහන් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.