fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් සංවිධානය හදිසි උදව් ඉල්ලයි - කැන්ගරුවන්ගේත් සහය

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් සංවිධානය හදිසි උදව් ඉල්ලයි – කැන්ගරුවන්ගේත් සහය

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා ක්ෂණික සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හදිසි මානුෂිය ආධාර පිළිබඳ ආයාචනයක් ජාත්‍යන්තරය වෙත නිකුත් කර තිබේ.

    මේ වනවිට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බැවින් එමගින් පීඩිත ජනනතාවට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙත මෙලෙස හදිසි ආයාචනයක් දියත් කර ඇත.

    ඒ අනුව පහත දැක්වෙන සංවිධාන ඔස්සේ ශ්‍රී ලංකාවට හදිසි මානුෂිය ආධාර මගින් සහය ලබාදීමට එක්වන ලෙස ජගත් සංවිධානය දන්වා සිටී.

    Sri Lanka Red Cross Society –  Sri Lanka Red Cross | Help hard-hit people get out of Crisis Sri Lanka
    Foundation of Goodness – Foundation of Goodness – Committed to improving lives in Sri Lanka’s rural communities (goodnessdonations.org)
    Give2Asia – Sri Lanka Economic Crisis Response Fund (2022) (give2asia.org)
    UNICEF – SRI LANKA CRISIS: | UNICEF Sri Lanka
    UN Central Emergency Response Fund – Help us help in time. Donate to CERF. | CERF (un.org)
    United Nations Foundation – Donate | unfoundation.org

    මේ අතර මේ දිනවල ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින අතර ආර්ථික අර්බුදය පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරමින් සිටිින බවට එරට රජය නිවේදනය කරයි. එම වීඩියෝව පහත දැක්වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.