fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රටින් පළාගොස් සිටින මත්කුඩු ඡාවාරම්කරුවෝ තංගල්ලේදී තවත් බිල්ලක් ගනී

    රටින් පළාගොස් සිටින මත්කුඩු ඡාවාරම්කරුවෝ තංගල්ලේදී තවත් බිල්ලක් ගනී

    තංගල්ල මොරකැටි ආර ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඉලක්කර අද රාත්‍රී 7.00ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

    මියගොස් ඇත්තේ කැබ් රථයේ රියදුරුය. වෙඩික්කරුවාගේ ඉලක්කය ද රියදුරු බවට පොලීසිය සැකකරයි. තුවාල ලබා ඇත්තේ කැබ් රථයේ ගමන් කරමින් සිටි ඔහුගේ මිතුරන් දෙදෙනෙකි.

    මෙරටින් පළාගොස් ඩුබායි හී සැඟවී සිටින හරක් කටාගේ මත්කුඩු ජාලයට සම්බන්ධව සිටියෙක් වන එම පුද්ගලයා මෑතකදී මත්කුඩු කිලෝ 200 කට වැඩි ප්‍රමාණයක් බහුදින යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූවෙක් බව හදුනාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙහෙයුමකට අනුව එම හෙරොයින් තොගය රැගත් යාත්‍රාව වටලා ඇත්තේ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් සමඟිනි.
    ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් ඉරාන් නෞකාවකින් එම හෙරොයින් තොගය මෙරටට රැගෙන විත් ඇති අතර එම යාත්‍රාවේ හිමිකරුද අත්අඩංගුවට පත්ව තිබුණි.

    අහංගමදී ඊයේ රාත්‍රි කාලයේදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වන්නේ එම බෝට්ටු හිමිකරුය. අද ඝාතනය වන්නේ ඔහුගේ සමීපතම මිතුරෙක් බව පොලීසිය හඳුනාගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යයාංශයේ හිටපු නිලධාරීන් පිරිසක් සම්බන්ධ මත්කුඩු ඡාවාරමක් සම්බන්ධයෙන් පවතින නඩුවක රජයේ සාක්ෂිකරුවෙක් වන තැඹිලි වෙළෙන්දෙක්ද පෙරේදා අලුත්ගමදී ඝාතනය විය. එම නඩුවේම තවත් රජයේ සාක්ෂිකරුවෙක් වූ ඔහුගේ මස්සිනා බවට සැකකරමින් ඊට පෙර දිනයේදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදීද වෙඩි තැබීමක් සිදුවිය. එම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලැබීය.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ මත්කුඩු ජාලය හා සම්බන්ධ බව කියැවුනේ ද හරක් කටා, පොඩි ලැසී ඇතුළු පිරිසකි.

    මේ වන විට රටින් පිටව සිටින ප්‍රබල මත්කුඩු ඡාවරම්කරුවන් විසින් තමන්ට එරෙහිව යන සහ පොලීසියට තොරතුරු සපයන්නන්ව ඉලක්කර ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පටන්ගෙන ඇති බව බුද්ධි අංශ අනතුරු ඇගයීමක්ද බලධාරීන්ට කර තිබේ.

    මෙසේ මත්කුඩු ඡාවාරම්කරුවන් තමන්ට තර්ජනයක් වන පිරිස් මෙසේ නිදහසේ ඉලක්කරන්නේ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ පොලීසියට නිසි ආරක්ෂාවක් සහ රැකවරණයක් නොමැති බැවින් පාතාල අපරාධ මර්දනය ඇනහිටී ඇති බැවින් බව හඳුනාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.