fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'මම අර්බුදයේ අගමැති' - අගමැති රනිල් ඉන්දීය නාළිකාවකට කියයි

    ‘මම අර්බුදයේ අගමැති’ – අගමැති රනිල් ඉන්දීය නාළිකාවකට කියයි

    ශ්‍රී ලංකාව තුළ මතුව ඇති තත්ත්වය හමුවේ තමා පත්වී ආවේ ‘අර්බුදයේ අගමැතිවරයා’ වශයෙන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අගමැතිවරයා මේ බව කියාසිටියේ ඉන්දියාවේ එන්ඩීටීවී ප්‍රවෘත්ති නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

    දින 50කට වැඩි කාලයක් තිස්සේ තරුණ පිරිස් විරෝධ‍යේ නිරත වෙමින් සිටින අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා පත්වී ආවේ ජනතා අගමැතිවරයා ලෙසද, නැත්නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැත්තෙන් අගමැතිවරයා ලෙසද යනුවෙන් එහිදී නිවේදිකාව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ් බව කීය.

    රට තුළ මේ වනවිට ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයක් පවතින නමුත් තමාගේ අවධානය යොමුව ඇත්තේ ආර්ථික අර්බුදය සමනය කර ජනතාවට පෙර මෙන් ජීවත්වීමට සැලැස්වීම බව අගමැතිවරයා සඳහන් කළේය.

    තමා ආර්ථික අර්බුදයට විසඳුම් සොයන අතරතුර සෙසු පක්ෂ විසින් දේශපාලන අර්බුදයට විසඳුම් සොයමින් සිටින බවත් එය දේශපාලන පක්ෂ විසින් කළයුත්තක් බවත් අගමැතිවරයා එහිදී කීය.

    තමාගේ අදහස නම් මුලින් මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය සාමාන්‍ය අතට පත්කොට, අඩුම තරමින් රටේ ආර්ථිකය ස්ථාවර තැනකට හෝ ගෙනඒමෙන් පසුව දේශපාලන අර්බුදය විසඳීමට උත්සහ ගැනීම යැයි ද හෙතෙම අවධාරණය කළේය.

    කෙසේවෙතත් තමා දේශපාලන අර්බුදයට විසදුම් සෙවීමට ද සහය දෙමින් සිටින බව ද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

    අගමැතිවරයා ඉන්දීය එන්ඩීටීවී නාළිකාව සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.