fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අටලුගමින් අතුරුදන් වූ දැරිය සොයා පැති කිහිපයකින් පුළුල් විමර්ශන

    අටලුගමින් අතුරුදන් වූ දැරිය සොයා පැති කිහිපයකින් පුළුල් විමර්ශන

    බණ්ඩාරගම අටලුගමදී අතුරුදන් වූ බව කියන නව හැවරදි දැරිය සොයා පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කරයි.

    ෆාතිමා අසීස් නැමැති මෙම දැරිවිය ඊයේ පෙරවරුවේ සිය නිවස ආසන්නයේ ඇති කුකුළු මස් අලෙවි ස්ථානයක් වෙත ගොස් ඇත බවත් ඇය අතුරුදන්ව ඇත්තේ අනතුරව බවත් බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.

    මෙම අතුරුදන්වීම ගැන පැමිණිල්ල පොලීසියට ලැබී ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. ඒ සම්බන්ධයෙන් දැරිවියගේ මව්පියන්ගෙන්ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

    පොලීසිය පවසන්නේ නිවසේ සිට අදාල වෙළඳසලට ඇත්තේ මීටර් 250කටත් අඩු දුරක් බවය.

    ආරක්ෂක කැමරා පරීක්ෂාවකදී මාර්ගයේ ගමන්ගනිමින් තිබුණු වෑන් රථයක් සැකයට ලක්ව තිබුණි.

    එම වෑන් රථය පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක්බව තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    එම වෑන් රථයේ හිමිකරුට අයත් වෙළඳ සැලකට අටලුගමින් බයිට් වර්ග රැගෙන යන විට කැමරාවේ සටහන්ව ඇතා බව විමර්ශන වලින් පෙනීගොස් ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බවද නිහාල් තල්දූව මහතා කීය. මේ වන විට එම වෑන් රථය ඇත්තේ බණ්ඩාරගම පොලිස් භාරයේය.

    මෙම දැරිවියගේ මව සමග ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන පුද්ගලයෙක් කෙරෙහිදි පොලීසියේ සැකය එල්ලවී තිබේ. ඒ ගැන මවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර එම පුද්ගලයාට ද පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇත. පානදුරේ පදිංචිකරුවෙක් වන එම පුද්ගලයා පොලීසිය මගහරින බවක් පෙනෙන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.