තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව සමඟ මූලික කරුණුවලට IMF එකඟයි

    ශ්‍රී ලංකාව සමඟ මූලික කරුණුවලට IMF එකඟයි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මූලික කරුණු පිළිබඳ මේ වනවිට එකඟත්වයකට පැමිණ ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ සමඟ පැවැති ගැටලු සියල්ල මේ වනවිට විසඳා ඇති බව හෙතෙම කියා සිටී.

    තවත් සති දෙකක පමණ කාලයක් තුළ අදාළ මූලික කරුණු පිළිබඳ වැඩසටහනක් මෙරට විසින් සකස් කළ යුතු බවත් ඉන් පසුව එහි නිලධාරීන් මෙහි පැමිණ එම වැඩසටහන පිළිබඳ සොයාබලා එකඟත්වයකට පැමිණි පසු ඉදිරි කටයුතු සිදුවන බව අගමැතිවරයා කීය.

    කෙසේවෙතත් එම කටයුතු සීඝ්‍රයෙන් කිරීමට තමා උත්සහ කරන බව ද අගමැතිවරයා සඳහන් කරයි.

    වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ප්‍රකාශයක් කරන බව ද අගමැතිවරයා කියාසිටී.

    බහුපාර්ශවික සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාවට සහය ලබාදීම පසුගියදා ලබාදුන් සහය සම්බන්ධව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img