fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ඇඟලුම් කම්හල්වලින් කොටසක් රටින් ඉවතට යන කතා බොරු - JAAF

    මෙරට ඇඟලුම් කම්හල්වලින් කොටසක් රටින් ඉවතට යන කතා බොරු – JAAF

    ශ්‍රී ලංකාවේ සිටින ඇඟලුම් නිෂ්පාදකයින්ගෙන් කොටසක් විදේශයන්හි කර්මාන්තශාලා පිහිටුවීමට ගන්නා කිසිදු පියවරක් පිළිබඳව ඇඟලුම් කර්මාන්තයේ නියෝජිතයන් වශයෙන් තමන් නොදන්නා බවත් එවැනි වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි.

    එම සංසදය වැඩිදුරටත් පවසන්නේ ඇඟලුම් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමේදී සහ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී කර්මාන්තය ගැටලුවලට මුහුණ දී සිටින බවට වන ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කරන බවයි.

    “කර්මාන්තශාලාවලට අමුද්‍රව්‍ය බාධාවකින් තොරව ලබාගැනීමේ හැකියාව පවතී. තවද, භාණ්ඩ පැටවීම හෝ බෑම ප්‍රමාදයකින් තොරව සිදුවනවා මෙන්ම, වරාය මෙහෙයුම් ද සුමටව ක්‍රියාත්මකයි.” යනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා ප්‍රකාශ කළේය.

    පවතින හිඟය මධ්‍යයේ කර්මාන්තශාලාවලට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ද ලෝරන්ස් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

    “අප්‍රේල් මාසයේ සිට අපනයනකරුවන්ට ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් (CEYPETCO) සහ ලංකා IOC වෙතින් සෘජුවම එක්සත් ජනපද ඩොලර් වලින් ඉන්ධන මිලදී ගැනීමට අවසර දී තිබෙනවා. මෙමගින් ඇඟලුම් කම්හල්වලට විදුලිය විසන්ධි වීමෙන් සිදුවන අනවශ්‍ය බාධා වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා. ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන්, ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ සුළු ප්‍රමාදයන් ඇති වූ නමුත්, ඇඟලුම් නිෂ්පාදකයින් වෙත ඩීසල් තොග වශයෙන් බෙදා හැරීම නැවත ආරම්භ කර තිබෙනවා. පසුගිය සතියේ සිට, ඇඟලුම් අපනයන සමාගම් නිශ්චිත ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීම සඳහා වන ප්‍රමුඛතා සේවා ලැයිස්තුව අතර සිටිනවා. එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමඟ, වර්තමාන ඉන්ධන හිඟය මධ්‍යයේ වුවත් ඇඟලුම් නිෂ්පාදන, අපනයන කර්මාන්තයට සිය දෛනික මෙහෙයුම් කරගෙන යා හැකිවී තිබෙනවා”.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.