fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක බැංකුවෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක්

    ලෝක බැංකුවෙන් ලෝකයටම අනතුරු ඇඟවීමක්

    ඉදිරි කාලයේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවත් ආහර, බලශක්ති සහ පොහොර මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

    ඒ අනුව ගෝලීය වශයෙන් ආර්ථික වර්ධන වේගය පහත යාමට ඉඩ පවතින බවද ඊට රුසියානු යුක්‍රේන යුධ ගැටුම් ප්‍රධන හේතුවක් වී ඇති බවද ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් පවසයි.

    ඔහු ඊයේ (25) ඇමරිකාවේ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කර ඇති අතර එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ආර්ථික අවපාතයක් ඇති වීම වැලැක්වීම දැඩි අපහසුකාරී වනු ඇති බවයි.

    ලෝක බැංකු ප්‍රධානියා මෙහිදී පවසා ඇත්තේ චීනය කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි සංචරණ සීමා පැනවීම මගින් ගෝලීය සැපයුම් දාමයට ඇතිව තිබෙන බලපෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

    රුසියා යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් මේවන විට ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එය මෙම ආර්ථික අවපාතයට විශාලතම බලපැම එල්ල කරනු ඇති බවද ඔහු අවධාරණය කර ඇති අතර යුරෝපා ආර්ථිකය රුසියානු ඉන්ධන මත යැපීම විශාල වශයෙන් සිදුකරන බැවින් තත්ත්වය දරුණු අතර පත්කෙරනු ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

    මේ අතර මෙම තත්ත්වය සංවර්ධනය වෙමින් පවති ආර්ථිකයන්ට වැඩිවශයෙන් පලපානු ඇති බවත් එමගින් එම රටවල් ජනතාවට දැඩි බලපෑමක් එල්ල විය හැකිබවද ලෝක බැංකු ප්‍රධානියා සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.