fbpx
තවත්
    මුල් පිටුවතෙවැනි ඇසරට රකින දෑතකට අනාගතයක් දැරිය ‍නොහැකිද?

    රට රකින දෑතකට අනාගතයක් දැරිය ‍නොහැකිද?

    රණවිරුවෝ කියන්නේ යුද්ධයේදී පමණක් රට වෙනුවෙන් දිවි පුදන්නෝ නොවෙති. රටේ නායයාමක්, ගංවතුරක් වැනි ආපදා තත්ත්වයක් ඇතිවන්නේ කොතැනද රණවිරුවෝ එතැන ඇත. ඒ අයට අව්ව වැස්ස රැය දහවල නැත.

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පුත්තලමේ දරුවන් පිරිසකට ඊයේ අපේ රටේ රණවිරුවෝ දැක්වූ දායකත්වය මේ වන විට සමාජයේ දැඩි කථාබහකට ලක්ව ඇත්තේ අට පාස් පිරිසක් යැයි කියා රණවිරුවන්ව ඇතැම් පිරිස් ගරහමින් සිටින වකවානුවක වීම විශේෂිතය.

    අට පාස් යැයි කීවාට සැබෑ ලෙසම රණවිරුවන් හොද අධ්‍යාපනයක් ලැබූ හික්මීමක් ඇති පිරිසකි. උපාධිධාරීන්ද රණවිරුවන් අතර කොතෙකුත් සිටිති. ඒ රණවිරුවෝ අධ්‍යාපනයේ වටිනාකම ද ඊටත් වඩා මනුෂ්‍යත්වය ද අන්අයට වඩා හොදාකාරවම දනිති.

    කාලගුණේ කැළඹීමකින් ඇද හැලුණු දැඩි වර්ෂාපතනයකින් පුත්තලමේ ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාල භූමිය ඊයේ උදෑසන ජලයෙන් යටවී දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අවකාශ ඇහිරී තිබුණු අවස්ථාවක එම මහා ජල කඳ එම දරුවන්ට බාධාවක් වන්නට ඉඩ නොදී විහාගයට මුහුණ දීමට රණවිරුවෝ අවකාශ සලකා දුන්නේ ඒ නිසාය.

    ඒ වන විට පාසල් භූමිය පමණක් නොව, විභාග ශාලා පවා තිබුණේ ජලයෙන් යටවීය. ක්ෂණිකව ඇතිවූ මේ ආපදා දත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි අධ්‍යාපන බලධාරීන්ට පවා සිතා ගැනීමට නොහැකි විය. ඒ වෙනත් ස්ථානයක දරුවන්ට විභාගයට මුහුණ දීමට පහසුකම් සලසාදීම එතරම් පහසු කටයුත්තක් නොවූ බැවිණී.

    එහෙත් රණවිරුවෝ ඒ බව කරට ගත්තේය. පාසලේ උස් ස්ථානයක තිබුණු ජලයෙන් යට නොවුණු පංති කාමර දරුවන්ට විභාගයට මුහුණ දීමට හැකි ආකාරයට ඩෙස් පුටු තබා සකස් කළේය. අනතුරුව ජල බිදක් දරුවන්ට පෑගෙන්න ඉඩ නොදී රණවිරුවෝ ඒ ශාලා වෙත දරුවන් රැගෙන ගොස් නිරවුල් මණසකින් විභාගයට මුහුණ දීමට අවකාශ උදාකර දුන්නේය. පාසලේ ප්‍රධාන ගේට්ටුවේ සිට බස් රථවලින් දරුවන් පාසල් භූමිය වෙත රැගෙන විත් එම දරුවන්ව ඩෙස් පුටු තබා සකස් කළ තාවකාලික පාලමක් මතින් රැගෙන යමිනි. දරුවන් එසේ විභාග ශාලාවට රණවිරුවෝ කැදවාගෙන ගියේ ඔවුන් නිල ඇදුමින් ජලයේ බැසගෙන දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් ගනිමින් වීම විශේෂිතය.

    එය එතැනින් හමාර වූයේ නැත. දරුවන් නැවත විභාගය අවසන්කර ආරක්ෂිතව පාසල් භූමියෙන් පිටත්කර හරින තුරු පැය ගානක් එම රණවිරුවෝ රැදී සිටියේ තෙත බරියන් වූ නිල ඇදුමින්මය. අද දවසේත් එම රණවිරුවෝ ඒ දරුවන්ව අමතක කර නැත. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින්නේ නිරන්තර සූදානමකිනි.

    සේයාරූ උපුටාගැනීම – Anjana Kal සමාජ ජාල ගිණුම ඇසුරිනි

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.