fbpx
තවත්
    මුල් පිටුවspecialබයිඩන්ගෙ ආසියානු සංචාරයේදී අවධානය යොමුවිය හැකි යුධ මර්මස්ථාන

    බයිඩන්ගෙ ආසියානු සංචාරයේදී අවධානය යොමුවිය හැකි යුධ මර්මස්ථාන

    ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම සතියේ ආසියාවේ සංචාරයක නිරතවූ අතර එහිදී ඔහු ජපානයේ සසහ දකුණු කොරියාවේ සංචාරය කළේය.

    මෙම සංචාරය කලාපය තුල දශක කිහිපයකට පසු දැඩි අවිනිශ්චිතතාවයක් ඇතිව තිබෙන අවස්ථාවක සිදු කිරීමද විශේෂත්වයකි.

    එහිදී කාලාපයේ යුධමය වශයෙන් වැදගත්ම ස්ථාන පහක් පිළිබඳවද ජාත්‍යන්තර අවධානය යොමුවිය. මෙම ස්ථාන සම්බන්ධයෙන් ආසියානු කළාපයේ බලවතුන් නිරන්තර අවාධයෙන් පසුවන අතර යුක්‍රේන ගැටුම් වර්ධනයක් සමඟම පෙරටත් වඩා වැඩි අවදානයක් මෙම ස්ථාන වෙත යොමුව තිබේ.

    මේ සමබන්ධයෙන් සී.එන්.එන්. පුවත් සේවයේ පළවූ ලිපයක සිංහල අනුවාදය මෙලෙස පළකරනු ලබන අතර ඒ අනුව වැදගත් ස්ථාන කිහිපය පිළිබඳ මෙලෙස විමසා බලමු.

    තායිවානය

    taiwan

    තායිවාන් දූපත පිහිටා ඇත්තේ චීනයේ වෙරළට ඔබ්බෙන් සැතපුම් 110 (කිලෝමීටර් 177) ට වඩා අඩු දුරිනි. වසර 70කට වැඩි කාලයක් දෙපාර්ශ්වයම වෙන වෙනම පාලනයක් පවත්වාගෙන ගිය අතරම එය කිසිම අවස්ථාවක චීනය විසින් පාලයන කර නොතිබූ භූමි ප්‍රදේශයකි.

    එහෙත් ඉතිහාසය පුරාම චීන කොමියුනිස්ට් පක්ෂය විසින් තායිවානය තමන්ට අයත් භූමියක් ලෙස හඳුන්වනු ලබයි.

    මෙම තත්ත්වය මත පැසිපික් කාලපය තුල සිටින බලවතුන් මේ සම්බන්ධයෙන් දැඩි සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන අතර එහිදී ජපානයේ හැසිරීම සුවිශේෂි වේ.
    ඊට හේතුව ලෙස ජපාන බලධාරීන් පෙන්වා දෙනු ලබන්නේ එරට බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 90ක්ම ආනයන කරනු ලබන්නේ තායිවානය අවට මුහුදු කාලපය හරහා වීමයි. ඒ අනුව ජපානයේ ආර්ථික ස්ථායී බවට තායිවානය චීනයෙන් වෙන්ව ස්ව්‍යං පාලනයක් ලෙස පැවතීම ඉතාම වැදගත්වේ.

    මේ අතර ඇමරිකා එක්සත් ජනපදයට තායිවානයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත්ව සිටියි. කෙසේ වෙතත් ඒ සඳහා ඇමරිකානු භට පිරිස් එකතු වීමක් සිදු නොවන අතර තායිවානයට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීම පමණක් සිදුකරනු ඇත.

    මෙහිදී මේවන විට පවතින යුක්‍රේන යුධ ගැටුම් ඇමරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත්‍ර රටවලටත් චීනයටත් කදිම නිදසුනක් බවට පත්ව ඇති අතර එමගින් තමන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳවද මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

    මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන පීටර් හැරිස් මේ සම්බන්ධයෙන් සිය අදහස් පළකර තිබේ.

    සරලව කියනවා නම් ඇමරිකාන නායකයින් විසින් චීනය සමඟ තායිවානය සම්බන්ධයෙන් යුධ ගැටුමක් ඇති කරගැනීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කිරීමට අපහසුයි. මන්ද යම් ආකරයකින් එවැනි යුද්ධයක් ඇති වුවහොත් එය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වීමටද වැඩි ඉඩකඩක් පැවතිය හැකියි.” යනුවෙන් ඔහු පැවසීය.

    ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එරට හමුදාවන් යුක්‍රේනය වෙත යැවීම ප්‍රතික්ෂේප කිරීමත් එමගින් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට ගත් තීරණයත් දෙස බලන විට තායිවානය සම්බන්ධයෙන්ද එවැනි තීරණයක් ගැනීමට වැඩි ඉඩකටක් පවතිනු ඇති බවද හැරිස් පෙන්වා දෙයි.

    එහෙත් හැරිසන් විසින් පෙන්වා දෙන ආකාරයට ඇමරිකානු හිතවාදී රාජ්‍යන් විසින් යුක්‍රේනයට සහය පළකළ අතර එහිදී රුසියාවට දැඩ ආර්ථික සම්බාධක පැනවීම මගින් දැඩි බලපෑමක් රුසියාවට එල්ල කිරීමට සමත්ව තිබේ.

    ඒ අනුව චීනය විසින් තායිවානය අක්‍රමණය කරනු ලැබුවහොත් මෙම තත්ත්වයම චීනයට බපෑමට හැකියාවක් පවතින බවද හැරිස් පේනවා දෙයි. එබැවින් කාලපය අවට රාජ්‍යන් විසින් චීනය සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමර්ග පිළිබඳ චීන අවාදනය යොමුකර ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පෙන්වා දී ඇත.

    ”ජපානය, ඔස්ටේ්‍රලියාව, දකුණු කොරියාව, පිලිපීනය සහ අනෙකුත් රටවල් චීනයේ ආක්‍රමණශීලී රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත සිතා බැලීමට උත්සුක වන ඇත.” හැරිස් සඳහන් කරයි.
    ඒ අනුව ඇමරිකානු ජනාධිති ජෝ බයිඩන්ගේ ආසියානු සංචාරයේ මූලික අරමුණක් වන ඇත්තේද තායිවානය සම්බන්ධයෙන් කාලපයේ රටවල් එකමුතු කිරීමයි.

    උතුරු කොරියාව

    north korea

    කිම් ජොන් උන් පාලනය මේ වසරේ වාර්තාගත ලෙස මිසයිල අත්හදා බැලීම් සිදු කර ඇති අතර, 2017 වසරෙන් පසු ප්‍රථම වරට න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට සූදානම් වන බවට ඉඟි පළ වී තිබේ.

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සමුළු සහ සාකච්ඡා ආසාර්ථක වීමෙන් පසු උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික වැඩසටහන් සහ මිසයිල අත්හදා බැලීම ඉහළ දැමීමට පියවර ගැනිණි.

    කෙසේ වෙතත් ඇතැම් නිරීක්ෂකයින් පෙන්වාදෙන ආකරයට උතුරු කොරියාව වොෂින්ටනයේ අවධානය ලබා ගැනීමට සහ සංවාදය නැවත ආරම්භ කිරීමට මෙලෙස මිසයිල අත්හදා බැලීම සිදුකරනු ලබන බවයි.

    එසේම තවත් මතයක් වන්නේ අනෙකුත් රටවල් වලින් තමන්ට එල්ල විය හැකි බලපෑම් වලක්වාලීමටත් ඔවුන්ට එක්තරා ආකාරයකින් මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකරනු ලබන බවද මහාචාර්ය ලෙයිෆ් ඊස්ලි පෙන්වා දෙයි.

    උතුරු කොරියාව මේවන විට අනුගමනය කරනු ලබන්නේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර අනුගමනය කළ උපක්‍රමයම බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
    ඹාහාචර්ය ඊස්ලිට අනුව, පැසිෆික් කලාපයේ ඇමරිකාවේ හවුල්කාර පර්ශවයන් ශක්තිමත් කිරීම මගින් උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජනය මැඩපැවැත්වීමටද හැකියාව පවතී.

    කුරිල් දූපත්

    kuril islands

    රුසියාව විසින් මෙම දූපත දකුණු කුරිල් ලෙසත් ජපානය විසින් උතුරු ප්‍රදේශ ලෙසත් හඳුන්වනු ලබන අතර කුරිල් දූපත්, 1945 දී ජපානය මිත්‍ර පාර්ශවීය හමුදාවන්ට යටත් වීමෙන් පසුව සෝවියට් හමුදා විසින් එහි බලය අත්පත් කරගනු ලැබීය.

    දූපත් වල නීත්‍යානුකූල අයිතිය ඇත්තේ කාටද යන්න පිළිබඳව ඇති වූ මතභේදය දෙරට අතර සබඳතා පළුදු කර ඇති අතර, දෙවන ලෝක යුද්ධයේ සාම ගිවිසුමක් අත්සන් කිරීමටද එය හේතුවිය.

    එහෙත් රුසියානු යුක්රේනය ආක්‍රමණය කිරීම ටෝකියෝ සහ මොස්කව් අතර පවතින මතභේද දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉහලම මට්ටම් දක්වා ඉහල නංවා ඇත. ඊට ජපානය මෙම ආක්‍රමණය හෙළා දැකීමත් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම, මොස්කව් වෙත සම්බාධක පැනවීම සහ යුක්රේන හමුදාවට සැපයුම් පවා පරිත්‍යාග කිරීම ඇතුළුව රුසියාවට එරෙහි බටහිර පිලිවෙත් හේතුවී තිබේ.

    මේ අතර රුසියාව විසින් එරට සහ ජපානය අතර මුහුදේ මිසයිල අත්හදා බැලීමත් එම ප්‍රදේශ වල චීන නාවික හමුදාව සමග යුධ අභ්‍යාස කිරීම ඔස්සේ බටහිර පැසිෆික් කලාපයේ යුධ ක්‍රිකාරක්ම් වර්ධනයට ජපානය සහ රුසියාව අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීමට හේතු වී ඇත.

    “මේ සියල්ල සැලකිල්ලට ගෙන, ජපානයේ උතුරු ප්‍රදේශයේ ඇතිවිය හැකි තර්ජන පිළිබඳ යොමුකරනු ලබන අවධානය විශාල වශයෙන් වෙනස්ව ඇති.” ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යනය ආයතනයයේ ජපාන සභාපති රොබට් වෝඩ් පවසයි.

    කෙසේ වෙතත් ජපානයට මේවන විට උතුරු දෙසින් රුසියානු තර්ජනය දකුණු දෙසින් උතුරු කොරියානු මිසයිල තර්ජන සහ චීනයේ තර්ජනද එල්ලවෙමින් තිබේ.

    මෙම තත්ත්වය ඇමරිකාන ජනාධිපති ජෝ බයිඩන්ගෙන් සැලකිල්ලටද භාජනය වී ඇත. ඊට හේතු වන්නේ ඇමරිකාව සහ ජපානය අත්සන් කළ අන්යොන්්‍ය ආරක්ෂක ගිවිසුම හරහා ජපානයේ ස්වෛරී භූමියේ ඕනෑම කොටසක් ආරක්ෂා කිරීමට ඇමරිකාව කැපවී සිටින බැවිනි.

    දකුණු චීන මුහුද

    southern china sea

    චීනය විසින් වර්ග සැතපුම් ලක්ෂ 13ක් වූ සමස්ථ දකුණු චීන මුහුදේම හිමිකාරිත්ව තමන්ට අයත් බව පවසන අතර මෙය මෑත කාලයේදී වොෂින්ටනය සහ බීජිං අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීමට සමත්ව තිබේ.

    නමුත් යුක්රේන යුද්ධය, තායිවානය, උතුරු කොරියාව සහ කුරිල් දූපත් අවට අර්බුදකාරී තත්ත්වයන් වැඩි වීමත් සමඟ දකුණු චීන මුහුදේ උණුසුම තරමක් අඩු කර ඇත.

    සිංගප්පූරුවේ රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යනය ආයතනයේ පර්යේෂකයෙකු වන කොලින් කෝ සඳහන් කරන්නේ, 2022 දී එක්සත් ජනපද නාවික හමුදාව චීනය විසින් අත්පත් කරගත් අර්බුදකාරී දූපත් වලට ආසන්නව ඇමරිකානු යුධ නෞකා යාත්‍රා කිරීමේ මෙහෙයුම් ) සීමා කර ඇති බව පෙනෙන බවත් ජනවාරි මාසයේ එවැනි එක් මෙහෙයුමක් පමණක් සිදුකර ඇති බවත්ය.

    “පෙර පැවති යුධමය ක්‍රමවේදය වෙනුවනට නව ක්‍රමවේදයක් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අනුගමනය කරනු ලබන ආකාරය පෙනී යනවා” කේ සඳහන් කරයි.

    කෝ පෙන්වා දෙන ආකාරයට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙත් සමඟ චීනයට ඉතාම වැදගත් කරුණු රැසක් අවබෝධ කරගැනීමට අවස්ථාව උදා වී ඇති බවයි.

    එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ රුසියාව යුක්රේනයට අවට ගුවන් බලය උපරිමයෙන් අත්පත් කරගැනීමට නොහැකි වී ඇති බවත් ඊට සමාන සිදුවීමක් චීනයට දකුණු චීන මුහුදේදී අත් විදීමට සිදුවීමට ඉඩ පවතින බවයි.

    ”(දකුණු චීන මුහුදේ) සමහර ප්‍රදේශ අත්පත් කරගැනීමෙන් චීනයට මුල්කාලයේදී වාසි ලබා ගත හැකි වුවද, දිගු කාලීනව ඒවා ආරක්ෂිතව තබා ගැනීම අවිනිශ්චිත වේ” ලෙසද කෝ වැඩිදුරටත් පවසි.

    ඉන්දියාව- සහ චීනය

    indu-china border

    හිමාලයේ ඉන්දියාව සහ චීනය අතර දේශසීමාව ආශ්‍රිතව දශක ගනනාවක් තිස්සේ පවතින දැඩි මතභේදාත්මක තත්ත්වය බිඩෙන් ඔහුගේ ආසියාවේ සංචාරයේදී මුහුන දෙන සංකීරණම යුදමය ගැටළු බවට පත්විය හැකිය.

    2020 දී ඉන්දියානු සහ චීන හමුදා අතර දේශ සීමා සම්බන්ධයෙන් ඇතිවූ ගැටුම් හේතුවෙන් ඉන්දියාව සිය දිග කාලීන ප්‍රධානතම අවි සැපයුම් කරු වූ රුසියාව සිට ඇමරිකා එක්සත් ජපදය වෙත යොමු කරවීය.

    ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලපෑමට එරෙහිව කටයුතු කරන රාජ්‍යන් සමූහය වන එක්සත් ජනපදය, ජපානය, ඕස්ටේ්‍රලියාව සමග ඉන්දියාවද පෙලගැසී ඇත.

    එහෙත් මොස්කව් සමඟ නව දිල්ලිය ඓතිහාසික වශයෙන් පවත්නා සමීප සබඳතාත් රුසියාවෙන් තෙල් හා ගෑස් ආනයනය නොවෙනස්ව තබා ගැනීමේ අවශ්‍යතාව – මෙන්ම යුධ උපකරණ සැපයුම් යන කරුණු හේතුවෙන් ඉන්දියාව රුසියාවට එරෙහි සම්බාධකව පැනවීමෙන් වැලකී සිටින ඇමරිකානු ප්‍රමුඛ බටහිර රටවල කටයුතු කිරීම් වලින් මදක් වෙනස්ව තිබේ.

    ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි මහාචාර්ය හර්ෂ් වී. පන්ට්, ඉන්දියාව එක්සත් ජනපදය දෙසට නැඹුරු වීමට ඉඩ ඇති බවට පෙන්වා දෙයි. ඒ සඳහා ඔහු යුක්‍රේන ගැටුම් පදනම් කරගෙන මූලික හේතු දෙකක් පෙන්වාදෙයි.

    ඉන් පළමුවැන්න වන්නේ වොෂින්ටනය විසින් බුද්ධ මෙහෙයුම් සහ නීරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය උපකරණ ලබාදීම මගින් යුක්‍රේනයට රුසියාන යුධ මෙහෙයුම් අඩාල කිරීමට හැකියාව ලැබීමයි.

    චීනයේ මිලිටරි හැකියාවන් නිරීක්ෂණය කිරීම සහ අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව එක්සත් ජනපදය සමඟ අවබෝධතාවයකය පැමිණ ඇති බවත් යුක්රේනයේ සිදුවීම මත් පදනම්ව එක්සත් ජනපදය සමඟ සමීපවවක් අපේක්ෂා කළ හැකි බවද පන්ට් පෙන්වා දෙයි.

    දෙවනුව, ඉන්දියාවේ මිලිටරි ආයුධවලින් අඩක් පමණ සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබන්නේ රුසියාව වුත් එම භූමිකාව මේවන වන විට ප්‍රශ්නාකරී වී තිබේ. ඊට හේතුව ලෙස පන්ට් පෙන්වාදෙන්නේ ඉන්දිය යුධ උපකරණ සඳහා අවශ්‍ය කරන අමතර කොටස් පිළිබඳ මේවන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින නිසාවෙනි.

    “රුසියාව මේවන විට යුද්ධයකට මැදිව සිටින බැවින් ඉන්දියාවේ යුධ උපකරණ අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් පැමිණෙන්නේ කොහෙන්ද?” යනුවෙන් පන්ට් ප්‍රශ්න කර සිටී.

    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉන්දියාව ආයුධ සපයන්නන් විය හැකි බවත් ඉන්දියාවට තමන්ගේම නවීන ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා තාක්ෂදණ හුවමාරුව සඳහා ද සහය විය හැකි බව පන්ට් පවසයි.

    ඒ අනුව එය එළැඹෙන සතියේ ටෝකියෝවේ පැවැත්වෙන කළාපයේ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට ඉඩ ඇති මාර්ගයක් වනු ඇති බවද පන්ට් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.