තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්DIG ට සහ SP ට පහරදී පොලිසියේ මෝටර් රථ දෙකක් ගිනි තැබූවාට...

    DIG ට සහ SP ට පහරදී පොලිසියේ මෝටර් රථ දෙකක් ගිනි තැබූවාට අයෙක් අත්අඩංගුවට

    නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සහ පොලිස් අධිකාරීවරයෙකුට පහරදී ඔවුන් ගමන් කරමින් සිටි පොලීසියට අයත් මෝටර් රථ දෙකෙහි කොටස් ගලවා එම රථ දෙක ගිනි තැබීමට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාලව සැකකරුවෙක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 09 වෙනිදා මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදීය.

    පහරකෑමට ලක්වූ පොලිස් අධිකාරීවරයා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

    අත්අඩංගුවටගත් සැකකරු මරදානේ පදිංචිකරුවෙක් වන 28 වන වියේ පසුවන්නෙකි. ඔහු සතුව තිබී පොලිස් නිලධාරියෙකුගේ මෝටර් රථයකින් ගලවාගත් කොටසක්ද හමුවී ඇතැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙම අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img