fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගය වෙනුවෙන් 15,000කට අධික පොලිස් බලකායක්

    සාපෙළ විභාගය වෙනුවෙන් 15,000කට අධික පොලිස් බලකායක්

    අපොස සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන සහ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    හෙටින් විභාගය ආරම්භ වී ජුනි 01 වෙනිදා දක්වා පැවැත්වෙන අතර පිළිතුරුපත් පරීක්ෂා කිරීමේ කටයුතු ජුනි 09 වෙනිදා දක්වා පැවැත්වෙන බව නිහාල් තල්දූව මහතා පවසයි.

    මෙවර විභාගයට මුහුණ දෙන සිසුන් සංඛ්‍යාව පන්ලක්ෂ දහහත්දහස් හාරසිය අනූහයක් වන අතර පාසල් අයදුම්කරුවන් හාරලක්ෂ හත්දහස් එකසිය විසිනම දෙනෙක් සිටින බවද නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

    මෙම සිසුන් මධ්‍යස්ථාන 3844දී විභාගයට මුහුණ දෙන බවත් එම විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ක්‍රියාත්මක බවත් ඔහු කියයි. ඊට අමතරව පිළිතුරුපත්‍ර එක් රැස් කිරීම සඳහා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක්ද ඇගයීම් මධ්‍යස්ථාන 73ක්ද ස්ථාපිත කෙරනු ඇතැයිද තල්දූව මහතා සඳහන් කළේය.

    මේ සෑම විභාග මධ්‍යස්ථානයක්ම, ඇගයීම් මධ්‍යස්ථානයක්ම, සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්ම ආරක්ෂා කිරීම සඳහා පොලීසිය යොදවා ඇති බවත් අවි සහිතය සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක් ඒ සෑම මධ්‍යස්ථානයකම ආරක්ෂාව වෙනුවෙන් යොදවන බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුව තුළ එම ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීම සදහා පොලිස් මුරපොලක් ක්‍රියාත්මක බවද ඔහු කීය.

    රහස් ලේඛන ප්‍රවාහනය කිරීම් 378 ක් මේ කාලය තුළ සිදුවන බවත් ඒ සෑම ප්‍රවවාහන කටයුත්තක් වෙනුවෙන්ම විශේෂ පොලිස් ආරක්ෂක කණ්ඩායම් යොදවා ඇති බවද ඔහු සඳහන් කළේය.

    ඊට අමතරව විභාග මධ්‍යස්ථාව, ඇගයීම් මධ්‍යස්ථාන සහ සම්බන්ධිකරණ මධ්‍යස්ථාන සියල්ලක්ම ආවරණය වන පරිදි එම මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් දෛනික මුර සංචාරක, ජංගම මුරසංචාරක ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරන බව නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.