තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර් 50,000ක් සමඟ උණ්ඩියල් ඡාවාරම්කරුවෙක් එ ස්.ටී.එෆ්. අත්අඩංගුවට

    ඩොලර් 50,000ක් සමඟ උණ්ඩියල් ඡාවාරම්කරුවෙක් එ ස්.ටී.එෆ්. අත්අඩංගුවට

    නීති විරෝධීව විදේශ මුදල් හුවමාරුවේ නිරතව සිටි පුද්ගයෙක් අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් සමඟ විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් රාජගිරිය වැලිකඩ ප්ලාසා හීදී ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බුද්ධි ආවේක්ෂණයකින් අතුරුව මෙම වැටලීමකර ඇත.

    එහිදී වැලිකඩ ප්ලාසා ගොඩනැගිලෙහි සිටි මෙම සැකකරුගේ ගමන් මල්ලෙහි තිබී අමෙරිකානු ඩොලර් 100 නෝට්ට් 500ක් සොයාගෙන තිබේ.

    සුභ්‍රමනියම් ගුණසීලන් නැමැති මෙම සැකකරු හැටන් ඇබොට්ස්ලි වත්තේ පදිංචිකරුවෙකි. මෝදර අලුත්මාවතේ තාවකාලිකව පදිංචිව සිටිමින් ඔහු විදේශ මුදල් ඡාවාරමේ නිරතව සිටින බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    විශේෂ කාර්ය බලකාය විසින් මේ වන විට විදෙස් මුදල් නීති විරෝධිව ඡාවාරමේ නිරතව සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භකර තිබේ. මෙම සැකකරු හසුවී ඇත්තේ එම මෙහෙයුමට අනුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img