fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාමල්ගෙ පුනරුත්ථාපන යෝජනාව

    නාමල්ගෙ පුනරුත්ථාපන යෝජනාව

    කුමන් පක්ෂයක් නියෝජනය කළ ද කඩු මුගුරු රැගෙන පෙට්‍රල් බෝම්බ ගෙවල්වලට ගැහුව පිරිසට නීතිය ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) දින පැවසීය.

    අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක කරන සියලු පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබා දෙන බව ද හෙතම සඳහන් කළේය.

    මේකෙ දෙකොට්ඨාශයක් ඉන්නවා. වෙනත් අරමුණක් ඇතිව කටයුතු කරපු පිරිසක් ඉන්නවා. කඩු මුගුරු අරගෙන පෙට්‍රල් බෝම්බ අරගෙන ගෙවල්වලට ගැහුවේ. මොන පක්ෂය නියෝජනය කරත් ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

    එහෙම නොවුනොත් වෙන්නෙ අරගලය මුවාවෙන් ජීවිත විනාශ කරන්න පුළුවන් නම් අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් ගිනි තියලා නිදහස් වෙන්න පුළුවන් නම් , අත්පුඩි ගහලා එළියට ගන්න පුළුවන් නම් රටේ සමස්ත නීති පද්ධතියම බිඳ වැටෙනවා. ඒ අය පසුපස කිසිම දෙයක් නොදැන හඹාගිය පිරිසකුත් ඉන්නවා. අර අයට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම ඒ අය පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීමේ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙන්න ඕන.

    මන්ත්‍රීවරුන්ගේ, මේ රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව බිඳ වැටිලා තියෙන්නෙ. අපි දැක්කා ඊයේ පොලිසියට ගහපු විධිය. කොළඹ දිස්ත්‍රික්කය භාර පොලිසියේ ප්‍රධානියාගේ ඔළුව පැලෙන්න ගහන්නෙ. ඒ වගේ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම්, පාරලිමේන්තු මන්ත්‍රීවරයකු මරපු කෙනාට, ගෙවල් වලට ගිනි තියපු කෙනාට නීතියෙන් පිළිතුරක් ලැබෙන්නෙ නැත්නම් ඊට පසුව වෙන්නෙ සමාජය බිඳ වැටෙනවා.

    සී.අයි.ඩී එකේ කට උත්තර දෙන්න කියපු හැම මන්ත්‍රීවරයෙක්ම අපේ කට උත්තර දීලා තියෙනවා. අපට නීතිය කඩන්න කිසිම චේතනාවක් නැහැ. අපි නීතියේ හැංගෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි හැම කෙනෙක්ම මේ පරීක්ෂණවලට පූර්ණ සහය දෙනවා. අපේ කටඋත්තර ගන්නවා සමානව ගෙවල් ගිනි තියපු අයට මිනී මරපු ත්‍රස්තවාදීන් විධියට හැසුරුණු අයවත් අත්අඩංගුවට ගන්නයැයි නාමල් රාජපක්ෂ මහතා කීවේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.