තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැයි 9 පහරදීම: නගරසභා මන්ත්‍රීවරියක් - සමූපකාර සමිති සභාපතිවරයෙක් අත්අඩංගුවට

    මැයි 9 පහරදීම: නගරසභා මන්ත්‍රීවරියක් – සමූපකාර සමිති සභාපතිවරයෙක් අත්අඩංගුවට

    කොල්ලුපිටිය හා ගාලුමුවදොර ප්‍රදේශයේ සිදු වූ කලහකාරී සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ස්ථානවල පසුගිය 09 වන දින සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හා කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් අද දින අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සැකකරු හංවැල්ල ප්‍රදේශයේදී ද සැකකාරිය පොල්ගහවෙල ප්‍රදේශයේ සැඟව සිටියදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 53 ක් වූ හංවැල්ල තුංමෝදර ප්‍රදේශයේ පදිංචි හංවැල්ල විවිධ සේවා සමුපාකාර සමිතියේ සභාපතිවරයා වේ.

    සැකකාරිය වයස අවුරුදු 59 ක් වූ රත්මලාන දුම්රියපොල පාර ප්‍රදේශයේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරියකි.

    සැකකරු සහ සැකකාරිය හෙට (20) වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img