fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේදී හමුදා බස් රථයට ගිනි තැබූ පුද්ගලයා අල්ලයි

    මිරිහානේදී හමුදා බස් රථයට ගිනි තැබූ පුද්ගලයා අල්ලයි

    මිරිහානේදී ඉකුත් මාර්තු 31 වෙනිදා පැවති විරෝධතාවක් අතර තුර යුද හමුදා බස් රථයකට ගිනි තැබූ සැකකරුව දැරණියගලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ පුද්ගලික මෝටර් රථ අමතරකොටස් අලෙවි ස්ථානයක සේවය කරන මෙම පුද්ගලයා අවුරුදු 42ක් වයසැති අයෙකි.

    මිරිහානේ පැවති විරෝධතාවය අතර තුර මෙම පුද්ගලයා විසින් ගිනි තැබූ බස් රථයට ගිනි ඇවිලීමෙන් ඒ ආසන්නයේ නවතා තිබුණු පොලීසියට අයත් ත්‍රීරෝද රථයකට හා යතුරු පැදි දෙකකට විනාශ වී තිබුණි.

    මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ මාධ්‍ය වෙත මුදා හරින ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් මහජනතාව ලබාදුන් තොරතුරු අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මහජනතාවට පොලිස් මූලස්ථානය සිය ස්තූතියද පලකරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.