තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති ජනකගේ නිවසට ගිනි තැබුවාට ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

    ඇමති ජනකගේ නිවසට ගිනි තැබුවාට ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

    හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දඹුල්ලේ පිහිටි නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ දඹුල්ල මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක් දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉකුත් 09දා මෙම ගිනි තැබීඹ සිදුව ඇති බව පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත්බවත් ජවිපෙ මන්ත්‍රීවරයා පොලීසියට කට්ටි පනිමින් සිටි බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි එම මන්ත්‍රීවරයා ඊයේ පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් ඔහුව අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img