fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩුබායි ආයෝජන සම්මාන උළලේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට රිදී සම්මානයක්

    ඩුබායි ආයෝජන සම්මාන උළලේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට රිදී සම්මානයක්

    දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගිය මාර්තු 29 වන දින ඩුබායි හි අර්මානි හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික ආයෝජන සමුළුවේදී රිදී සම්මානය දිනාගැනීමට සමත් විය.

    AIM සම්මානය

    දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ දෙවැනි හොඳම ක්‍රියාකාරී ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර විය.

    වාර්ෂික ආයෝජන සමුළුව යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වැඩසටහනකි.

    ගෝලීය වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා තිරසාර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර ආයෝජන ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ භාවිතයන් , පවතින ප්‍රධාන මූලධර්ම මත ගෝලීය හුවමාරුව සඳහා රාමුවක් සැකසීම මෙමගින් සිදු වේ .

    ඒ අනුව ලොව පුරා ඇති හොඳම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතන හඳුනා ගැනීම මෙම ආයෝජන සමුළුව සිදු කරයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය සම්මානය සමග

    වාර්ෂික ආයෝජන සමුළුව සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා සම්මානය ලබා ගන්නා ලදී.

    වාර්ෂික ආයෝජන සමුළුවෙහි සම්මාන ප්‍රදානයේ මූලික ඉලක්කය වන්නේ තම රට සදහා සැලකිය යුතු සහ ප්‍රයෝජනවත් ආයෝජන ව්‍යාපෘති ආකර්ෂණය කර ගැනීම සදහා දක්වන ලද කැපවීම හා එම රටේ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය ග්‍රහණය කර ගැනීමයි.

    වාර්ෂික ආයෝජන සමළුව මගින් මෙම සම්මානය පිරිනැමීම 2013 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

    සෑම වර්ෂයේදිම හොදම ආයෝජන ප්‍රවර්ධක නියෝජිත ආයතන ලෙස සම්මානයට පාත්‍රවන ආයතනයට ගෝලීය වශයෙන් පුළුල් ඇගැයීමකට හා පිළිගැනිමකට ලක්කිරීම සිදුකරයි.

    මෙවර සම්මානය සඳහා ගෝලීය කලාප නවයම ආවරණය වන පරිදි ඒ ඒ රටවල රාජ්‍යයන් ආයෝජකයින් සහ ආයතන 15,000ක් පමණ සහභාගි විය.

    ජාත්‍යන්තර කීරිතියට පත් ප්‍රවීනයන් නව දෙනෙකුගෙන් යුතු ස්වාධීන ජූරි සභාවක් මෙම තෝරාගැනිම සිදු කරයි.

    මේ සඳහා වෙළද ශේෂය බලපෑම (10%) දැනුම හුවමාරුව (20%) ආයෝජන සේවා ක්‍රියාවලිය (20%) තිරසාරභාවය හා දේශීය සම්බන්ධතා (20%) ආයෝජන ප්‍රමාණය (10%) හා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය මත ඩිජිටල් කරනයේ බලපෑම (20%) යන ප්‍රධාන නිර්නායකයන් හය මත මෙම වසරේදී ඇගයීම සිදු කරන ලදී.

    ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ප්‍රවර්ධනයේ නිරත රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වසර 40කට වැඩි සක්‍රීය දායකත්වයක් මෙරට ආර්ථිකයට දක්වා ඇත.

    මේ යටතේ ආයෝජන ව්‍යාපෘති 1700කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවයි. රටේ මුළු කාර්මික අපනයන ආදායමෙන් 80%ක් පමණ හිමි වන්නේ මෙම ව්‍යාපෘති තුලිනි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිරතුරුවම ආයෝජන ආරම්භ කිරීමට පහසුකම් සැලසිම, ආයෝජන සුරක්ෂිත තාවය, සේව්‍ය, සේවක සුරක්ෂිතතාවය හා පරිසර හිතකාමී කර්මාන්ත ඇති කිරීම වෙනුවෙන් කැපවන ආයතනයකි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අංශ ප්‍රධානීන්
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.