fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික එකඟතා ආණ්ඩුවට පොහොට්ටුව එකඟ වෙයි

    ජාතික එකඟතා ආණ්ඩුවට පොහොට්ටුව එකඟ වෙයි

    ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ සංකල්පයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟතාව පළකර තිබේ.

    ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) කොටුව ජනාධිපති නිල නිවසේදී පැවති අවස්ථාවේදී මෙම එකඟතාව පළකර ඇත.

    එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසීය.

    ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ සම්බන්ධ වෙමින් යම් කාලසීමාවකට බලයට පත්වී රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට සංකල්පයක් ලෙස ඊට තම පක්ෂය එකඟත්වය පළකළ බවයි.

    එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වු පක්ෂ නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සහභාගී වූ බව ඊට සහභාගි වූ නිමල් සිරිපාලන ද සිල්වා මහතා මාධ්‍ය වෙත කීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස්, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, බැසිල් රාජපක්ෂ සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් ද සහභාගී වූ බව ද හෙතෙම සඳහන් කළේය.

    සෙසු දේශපාලන පක්ෂ අන්තර්කාලීන ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා සමූහිකව ක්‍රියාමාර්ග ගැනීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.