තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්වාසභංගය අනිද්දා කතානායකට

    විශ්වාසභංගය අනිද්දා කතානායකට

    වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව අනිද්දා (4) වැනිදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙන බව සමඟි ජනබලවේගය පවසයි.

    එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) පැවැති සාකච්ජාවේදී මෙම තීරණය ගත් බවයි.

    රටට ආදරය කරන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුම මෙම විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙනු ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළේය.

    එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන අන්තර්වාර රජයකට තම පක්ෂය එකතු නොවන බවද හේෂා විතාන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img