fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

    හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

    රට ගොඩනැගීම සදහා ක්‍රියාත්මක නිශ්චිත කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

    එම සංගමයේ සභාපති,හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කළේ රජයේ ආදායම වැඩි කර ගැනීම, වියදම් පාලනය, මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම,  විදේශ විනිමය කළමණාකරනය සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යන කරුණු 5ක් යටතේ අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකළ බවයි.

    එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවද පවතින ගැටළුවලට විසදුමක් නොලැබෙන බවයි.

    එබැවින් මේ මොහොතේ කළයුත්තේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කර නිශ්චිත කාලයක් තුළ රට ස්ථාවර කිරීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවද එහි සඳහන් වෙයි.

    එමෙන්ම විධායක බලතල භාවිත නොකර සියලු පක්‍ෂවල සහාය ලබාගෙන සීමිත පිරිසකගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර ලෙසත්, ජනාධිපතිවරයාට මෙන්ම අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා විධායක සභාවක් පත් කර ගන්නා ලෙසද එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මෙවන් අවස්ථාවක විධායක ජනාධිපති බලතල භාවිත නොකරන ලෙසත් විධායක සභාවකින් ලබාදෙන තීරණ මත පදනම්ව කටයුතු කරන ලෙසත් එම ලිපිය මගින් කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.